මේ දිනවල වේගයෙන් පැතිර යන ලෝක විනාශය පිළිබඳ අදහස් ඇතිවී තිබෙන්නේ මායාවරුන්ගේ සුප්රසිද්ධ කැලැන්ඩරය නොහොත් දින දර්ශනය නිසාය. මායාවරුන්ගේ ශිෂ්ටාචාරය ක්රි.පූ. 2000 සිට ක්රි.වර්ෂ 2050 දක්වා කාලය තුළ මධ්යම ඇමෙරිකාවේ දකුණු මෙක්සිකෝවේ වියාපාස් ප්රාන්තයේ යුක්ටානා අර්ධද්වීපයේ සිට ගෝතමාලාවේ බටහිර හොන්ඩුරාස් ප්රදේශය දක්වා පැතිරී තිබුණි. නවීන විද්යාව පිළිබඳ පෘථුල අවබෝධයක් තිබූ ඔවුනට තාරකා විද්යාව පිළිබඳ අසීමිත අවබෝධයක් තිබුණි. එදිනෙදා ජීවිතයත් පරිසරයත් ග්රහ තාරකාත් අතර සුවිශේෂී සම්බන්ධතාවයක් ඇති බව ඔවුන්ගේ මූලික අදහසකි. ජෝතීර් විද්යාව, ශබ්ද විද්යාව හා අංක විද්යාව ඔවුන් විසින් හදාරා වර්ධනය කර පර්යේෂණය කර දියුණු කර තිබේ. ලෝකයේ පවතින දින දර්ශන අතරින් මායාවරුන්ගේ දින දර්ශනයට ලැබෙන්නේ අති විශේෂ වූ ස්ථානයකි. මූලික වශයෙන් ඔවුන් දින දර්ශන දෙවර්ගයක් නිපදවා ඇති බව දැනට ප්රත්යක්ෂ වන කරුණකි. එක වසරකට දින 365ක් වූ අතර එය වර්තමාන ජෝර්ජියා දින දර්ශනයට සමානය. ආගමික උත්සව හා බැඳුණු දින 260ක දින දර්ශනයක් ද, ඔවුන් සතු විය. මේ අතර ක්රි.පූ.3144 අගෝස්තු 01 වැනිදා සිට ක්රි.වර්ෂ 2012 දෙසැම්බර් 21 දක්වා සැකසුණු විශ්වයේ දින දර්ශනයක් ද ඔවුන් නිපදවා තිබුණි. අප දැන් බයට පත්ව ඇත්තේ මේ දින දර්ශනය නිසාය. මෙය පෘථිවියත් සූර්යයා සමඟ විශ්වයක් අතර එම කාලය තුළදී ඇති වන වෙනස්කම් ඔවුන් අධ්යයනය කිරීමෙන් තනන ලද කැලැන්ඩරයකි. වසර 5125 කින් යුතු අවධි 5ක් පසුකර 2012 දෙසැම්බර් 21 වන දින ලෝකය එහෙමපිටින්ම වෙනස් වන බව ඔවුන්ගේ මතයයි. පෘථිවි තලයේ පරිසරය හා ජීවීන් එදිනට මුළුමනින්ම විනාශ වී අලුත් ලොවක් ඇතිවන්නේ යැයි නියතය. හින්දු ආගම දක්වන ලෙස ද අප ගතකරමින් සිටින අවධිය කලියුගය බවත් කලියුගය අවසානයේ යුගාන්තය නොහොත් යුගයේ අවසානය සිදු වන බවත් වේදග්රන්ථවල දැක්වේ. මායාවරුන් ප්රකාශ කරන්නේ 2012 දෙසැම්බර් 21 වැනි දින සූර්යයාත් පෘථිවියත් ක්ෂීරපතයේ කේන්ද්රයත් එකම සරල රේඛාවක පිහිටන බවයි. එවිට පෘථිවියේ චුම්භක උතුරු දකුණු රේඛාව අංශක 180කින් භ්රමණය වන්නේ යයි මායාවරුන් දක්වන අදහසයි. ඊළඟ මතය අනුව උතුරු ඇමෙරිකාවේ යෙලෝ ස්ටෝන් තැනිතලාවේ තිබෙන අක්රිය වූ ලොව විශාලතම ගිනිකන්ද එකවරම ක්රියාත්මක වී ඇමෙරිකාව විනාශ කරන බවයි. එවැන්නක් සිදුවුවහොත් ලාවා ස්ථරය පොළොව මතට පැමිණ පරිසරය පක්ෂීන් හා මනුෂ්යයින් ඇතුළු ජීවීන් දවා හළුකරන බවත් එම ලාවා ස්ථරය ඝනීභාවයට (නිවීමට) පත්වී ලෝකය යළි ඇතිවීමට දිගුකාලයක් ගත විය හැකි බවය. එහෙත් එවැන්නක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැතැයි මා තර්ක කරන්නේ පහතින් සඳහන් කරන පරිදි එම දිනයේ ඇති ග්රහ තත්ත්වය අනුවයි. මේ අනුව පව්කාරයන්ව ලෝදියවල ඔතා අපායට ගෙන යන අතර පින්වතුන් දෙවියන් විසින් රකිනු ඇත. එදින මෙම ග්රහ තත්ත්වය ලංකාවට බලපාන අයුරු මෙසේ දැක්විය හැකිය. තුන්වැන්නේ කේතුගේ හා ගුරු ග්රහයා ද නවවැන්නේ සෙනසුරු ග්රහයා ද දහවැන්නේ බුධ, ශුක්ර හා රාහු යන ග්රහයන් ද 11 වැන්නේ රවි හා ප්ලූටෝ ද, 12 වැන්නේ අඟහරු ද සිටී. මෙම ග්රහ තත්ත්වය අනුව ආධ්යාත්මික විප්ලවයක් මිස කිසිදා භෞතික විනාශයක් ලංකාවට හා අනෙක් රටවලට සිදු නොවේ.ලෝක විනාශය 2012 දෙසැම්බර් 21 දා
මේ දිනවල බොහෝ දෙනකු තුළ පවතින සැකමුසු ගැටලුව නම් 2010න් පසු ජීවත්වීමට ඉඩක් ලැබේද යන්නයි. මා ස්ථිරවම එයට දෙන පිළිතුර නම් පෙරටත් වඩා හොඳින් ජීවත්වීමට ඉඩ ලැබේ යන්නයි. මා එසේ කියන්නේ ඇයි දැයි මේ ලිපියේ අවසානයේ දැක්වීමට බලාපොරොත්තු වෙමි.
මායාවරුනගේ තවත් අදහසක් වන්නේ එදිනට මිනිසුන්ගේ ආධ්යාත්මික විප්ලවයක් වන බවයි. ශ්රී ලංකාවේ ජීවත්වන විශේෂඥ ආයුර්වේද වෛද්යවරයකු වූ වෛද්ය ගුණසීල ජයලත් මහතා ප්රකාශ කරන්නේ වසර ගණනාවක් තිස්සේ නොකඩවාම විශාල වශයෙන් භූගතව තිබූ ඛනිජ තෙල් හා ගෑස් පිටතට ඇදගැනීම නිසා ඇතිවන රික්තය නොහොත් විශාල කුහරවල ඇතිවන හිස් බව තුලනය කිරීම සඳහා භූගතව ලාවා තට්ටුවේ පවතින ලාවාස්ථරය එම හිස් වූ ස්ථාන තුළටත් ඉන් පිටතටත් ගලා එන බවයි. මේ නිසා ඈත රටවල් කිහිපයක ඇතිවී තිබෙන භූ චලන භූමිකම්පා හා ගිලාබැසීම් නිසා මෙම ලාවා ස්ථරය පෙළොව මතුපිටට ගලා ඒමෙන් ලෝකයේ ලොකුම විනාශය ඉක්මනින් ඇතිවිය හැකි බවය.
Google Search
ලෝක විනාශය 2012 වසරේ දෙසැම්බර් මාසයේ සිදු වෙතැයි කියන මතයට බර තැබිය හැකි වඩාත් ප්රබලම සාධකය හමුවන්න් ක්රිස්තු වර්ෂ 603 දී සිට 683 දක්වා කාලයේ මෙක්සිකෝවේ ජීවත් වූ පාකල් වෝටන් නම් පඬිවරයකුගේ ශිලා ලේඛනයකිනි. මෙක්සිකෝව වසර 521 ක කාලයක් පාලකයා වූ ඔහු අනාගත වාක්ය නිවැරැදි ලෙස කියූ පඬිවරයකු ලෙස පිළිගැනේ. පුවත්පත් වාර්තා පෙන්වා දෙන පරිදි ඔහු මියයන්නට පෙර ලියූ ශිලා ලේඛනයක 2012 වසරේ දෙසැම්බර් 21 වනදා පෘථිවියේ මහා විනාශයක් වන බවට පැහැදිලිවම සටහන් කර තිබේ. එම ශිලා ලේඛනය සොයාගෙන ඇත්තේ පාකල් වෝටන් පඬිවරයාගේ දේහය අසලිනි. මෙක්සිකෝවේ චියාපස් නමින් හඳුන්වන පිරමිඩ හැඩැති සොහොන් ගැබක තැන්පත් කර තිබූ පාකල් වෝටන් පඬිවරයාගේ දේහය පුරා විද්යාඥයන් විසින් හඳුනාගෙන ඇත්තේ 1952 වසරේදියි. පොළව මට්ටමේ සිට අඩි 69 යුත් පඩි පෙළක් දිගේ පහළ ගිය තැන වෝටන් පඬිවරයාගේ දේහය තැන්පත් කර තිබිණි. ඔහු මියගොස් වසර 1269 කට පසු ඔහුගේ දේහය සොයා ගැනීමත් සමග ඒ අසලම තැන්පත් කර තිබූ ශිලා ලේඛන ගණනාවක් සොයා ගැනීමට නූතන පුරාවිද්යාඥයන් සමත්ව ඇත. එම ශිලා ලේඛන අතර පාකල් වෝටක් පඬිවරයා සහටන් කළ විශ්ව කාල චක්රයට අයත් වැදගත් තොරතුරු රාශියක්ද හමුවී ඇති අතර 2012 වසරේ සිදුවන මහා විනාශය පිළිබඳ කියෑවෙන ශිලා ලේඛනය හමුවී ඇත්තේද එහිදීය. එම ශිලා ලේඛනය පාකල් වෝටන් පඬිවරයාගේ දේහයට සමීපව පැවති බව පුවත්පත් වාර්තා මගින් දැක්වේ. එමගින් පෙන්වා දී ඇත්තේ වසර 26000 ක විශ්ව කාල චක්රය තුළ කෙමෙන් පරිණාමය වන මානවයා හෝමෝ සේපියන්ස් සේපියන්ස් යුගයේදී ස්වභාව ධර්මයට පටහැනිව යැම නිසා ස්වභාව ධර්මයෙන් වෙනස් aවන බවය. පාකල් වෝටන් පඬිවරයා අදින් සියවස් 13 කට පෙර කියා ඇති අනාවැකිය කෙතරම් සත්ය දැයි වටහා ගැනීමට වර්තමාන මිනිසා පරිසරය සමග ගනුදෙනු කරන ආකාරය දෙස බැලීම ප්රමාණවත්ය. පෘථිවිය ම ත ජීවය ආරම්භ වූ දා පටන්ම පරිණාමය සිදු වූයේ ස්වභාවධර්මයේ නියමයන්ට අනුකූලවය. අපේ පැරැණි මුතුන්මිත්තන් ජීවයේ පැවැත්මට පරිසරයේ ඇති වැදගත්කම මනාව වටහාගෙන ජීවත් වූහ. හිරු, සඳු, ගස්, වැල්, ජලය, සුළඟ වැනි පාරිසරික වස්තූන්ට ඔවුන් මහත් සේ ගරු කළේ ඒ නිසාම විය යුතුය. එහෙත් පරිසරයද තම අණසකට නතුකර ගැනීමේ උත්සාහයක නියෑලෙන වර්තමාන මිනිස් ක්රියාකාරකම් නිසා ඒ සියල්ල අද කණපිට පෙරළෙමින් ඇත. ඉදින් පාකල් වෝටන් පඬිවරයාගේ අනාවැකිය ප්රලාපයක් යෑයි තර්ක කළ නොහැකිය. කෙසේ වෙතත් ඔහුගේ මේ අනාවැකියට රුකුල් දෙන විශ්වයේ ක්රියාකාරිකත්වය සම්බන්ධ විද්යාත්මක පැහැදිලි කිරීමක්ද ඇතැම් විද්යාඥයන් මේ වන විටත් පෙන්වා දී ඇත. ඒ ලෝක විනාශයකට හෝ එවැනි බරපතල වෙනසකට මේ පෘථිවිය ලක්වීමට හේතුවන මන්දාකිණි පෙළගැස්මය. පෘථිවිය, සූර්යයා හා අප ජීවත්වන මේ ක්ෂීරපථයේ කේන්ද්රය 2012 වසරේදී එක පෙළට පැමිණීම නිසා වෙනත් මන්දාකිණියක ගුරුත්වාකර්ශනයට හසුවී මහා විනාශයක් සිදුවන බවට එමගින් කියෑවේ. සෑම දෙසැම්බර් මාසයකම මේ ක්රියාවලිය සිදු වුවත් පරිභ්රමණ ක්රියාවලිය තුළම කේතු ආකාර මාර්ගයක චලිතය වන පෘථිවියේ අක්ෂය වසර 26000 කට පසු සූර්යයාගේ ඈතම පිහිටුම් ස්ථානයකට පැමිණීමට නියමිතව ඇත්තේ 2012 වසරේ දෙසැම්බර් 12 වනදා බව විද්යාඥයන් තහවුරු කරයි. ඒ සමගම අප ජීවත් වන ක්ෂිරපථයේ කේන්ද්රයේ පිහිටා ඇති විශාල කළු කුහරය
පිහිටා ඇති තලයට සූර්යයා හා පෘථිවිය පැමිණෙන බවද කියෑවේ. එමගින් සිදුවන ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් පෘථිවියේ භ්රමණ අක්ෂය වෙනස් වී ලෝකය විනාශව යනු ඇති බව ඔවුන් සැක පහළ කරයි. එහෙත් ඇතැම් තාරකා විද්යාඥයන් එම මතයටද විද්යාත්මක පදනමක් නැතැයි කියමින් බැහැර කිරීමද සැලකිය යුත්තකි. ක්ෂීරපථයේ කේන්ද්රයට ආලෝක වර්ෂ 30,000 ක පමණ දුරක් ඇති නිසා කළු කුහරයෙන් බලපෑමක් නොවන බව තාරකා විද්යාඥයන්ගේ මතය වී තිබේ.
විසිවන ශතවර්ෂයේ ජීවත් වූ එඩිගා කේසි ද 2012 වසර් සිදුවන මහා විනාශයක් පිළිබඳ අනාවැකි පළකර තිබේ.ස්වයං නිද්රdවෙන් අතීතයට යැමට හැකියාවක් ඇති කේසි මෝහනයෙන් ලෙඩ සුවපත් කිරීම පිළිබඳ ප්රකට වූවෙකි. ඔහු 1901 සිට 1945 කාලය තුළ ලෝක අනාගතයේ සිදුවන විවිධ සිදුවීම් පිළිබඳ මත ප්රකාශ කර ඇති බවට අන්තර් ජාලයේ විවිධ වාර්තාවල දැක්වේ. 2012 වසරේදී ලෝකයේ සිදුවන විනාශකාරී ක්රියාවලියක් පිළිබඳව ද කේසි පළකළ මතයක් එහි දැක්වේ. එමගින් කියෑවෙන්නේ පෘථිවියේ චුම්බක ධ්රැව වෙනස්වීම නිසා ලෝක විනාශය ආරම්භ වන බවයි. චුම්බක ධ්රැව වෙනස් වීම විශාල භූමිකම්පා ඇතිවීම, ගිනිකඳු, ටොනැඩෝ හා මහා සුළි සුළං ඇතිවීමට හේතු වන්නකි. එහෙත් විද්යාඥයන්ට අනුව කිසියම් නිශ්චිත දිනයක චුම්භක ධ්රැව වෙනස්වීම සිදුවන බව කිව නොහැකි බව පැවසේ. නමුත් චුම්බක ධ්රැව වෙනස්වීම භූ කම්පන ඇතිවීමට බලපාන බව වර්තමානයේ සිදුවූ මහා විපත්තිවලින් පෙනී ගොස් තිබේ. පසුගියදා හයිටියේ මහා මිනිස් සංහාරයට හේතුවූ භූමිකම්පාව ඇතිවීමට බලපා ඇත්තේ චුම්බක ධ්රැව වෙනස්වීම බවට විද්යාඥයන් මේ වන විට සැක පහළ කරයි. එම සැකය තහවුරු වුවහොත් මිනිස් සංහතිය මහා භයානක අඩියකට පත්ව ඇති බව වටහාගත යුත්තේ මිනිසා වර්තමානයේ පරිසරය සමග ගනුදෙනු කරන ආකාරය ගැන විමසීමේදීය. විශේෂයෙන් පරිසර විද්යාඥයන් පෙන්වා දෙන ආකාරයට මිනිසා අතින් සිදුවන නොනවතින පරිසර විනාශය නිසා ගෝලීය උණුසුම ඉහළ ගොස් උත්තර ධ්රැවයේ මහා අයිස් කඳු දියවීමේ අවදානමක් මේ වන විටත් ඇතිව තිබේ. හයිටියේ භූමිකම්පාවට හේතු වූ චුම්භක ධ්රැව වෙනස්වීම අයිස් කඳු දියවීම නිසා ඇති වූවක්ද යන්න පරිසර විද්යාඥයන්ගේ සැකයට හේතුවී ඇති සාධකයයි. එය එසේ නම් විද්යාත්මකවද එඩිගා කේසිගේ මතය නිකම්ම පුස්සක් කියා අමතක කර දැමිය හැකි නොවේ.

