2012 දි ලෝක විනාශය වෙයිද?(end of the world 2012?)

ලෝක විනශය(2012 end of the world)පිලිබදව විවිධ පුවත්පත්වල බ්ලොග් අඩවි වල තිබෙන තොරතුරු එකම බ්ලොග් අඩවියකින් දැන ගැනීමට ඔබත් අදම පිවිසින්න api2012di.blogspot.com අපි2012දි.බ්ලොග්ස්පොට්.කොම්

Google Search

ලෝක විනශය(2012 end of the world)පිලිබදව විවිධ පුවත්පත්වල බ්ලොග් අඩවි වල තිබෙන තොරතුරු එකම බ්ලොග් අඩවියකින් දැන ගැනීමට ඔබත් අදම පිවිසින්න api2012di.blogspot.com අපි2012දි.බ්ලොග්ස්පොට්.කොම

2012 - 12- 21 දින සිදුවනවා යයි කියන ලෝක විනාශයක් පිළිබදව අනතුරු අගවමින් පලකර ඇති ලිපි පමණක් නොව සිනමා කෘතියක් ගැන ද මේ දිනවල අසන්නට දකින්නට ලැඛෙයි. ලෝක විනාශය ගැන ලියා ඇති සහ තවමත් ලියවෙමින් පවතින ලිපි කියවීමෙන් මිනිස් සත්වයෝ බියටත්, එමගින් මානසික අවපීඩනයටත් පත් වී ඇති බැවින් ඔවුන් එයින් ගලවා ගැනීම සදහා සත්ය හෙලිදරව් කිරීම මෙම ලිපියේ අරමුණයි.

භෞතික විද්යාවඥ්ඥයෝ දාර්ශණිකයෝ සහ ආගමික සාතෘවරු බාහිර ලෝකයක් පිළිගෙන එම ලෝකයේ ඇති වීමක් සහ නැති වීමක් ගැන දේශණා කරති. ඔවුන්ගේ දේශණා වලට අනුව ලෝකය විනාශ වන කාලය ආසන්නව පවතී. මෙම ධර්ම අසා එම ධර්ම පිළිගත්තෝ බියට පත්වෙති. බුදුන් දවස ද මේ ආකාරයම ලෝක විනාශයක් ගැන අසා බියට පත් වූ ජනයා බුදුන් කරා පැමිණ පිළිසරණක් සෙවූ හ. —ලෝකයත් ලෝක නිරෝධයත් තමන්ගේ බඹයක් පමණ වූ ශරීරය තුල පනවමි.˜ යයි ගෞතම බුදුන් වහන්සේ දේශණා කල සේක. බාහිර ඇතයි පිළිගත් ලෝකය නිර්මාණය කරගන්නේ තමන්ගේ මනසිනි. අනුන්ගෙන් අසා දැන ඉගෙන ගත් දැනුමකින් මෙම බාහිර ලෝකය තමන් නිර්මාණය කරගන්නේ කෙසේ ද යන්න —භෙතික විද්යාාවේ අසත්යු පදනම හෙවත් මනසින් සාදාගත් ලෝකය˜ නැමති ලංකාදීපයේ පල වූ මෙම ලියුම් කරුගේ ලිපියෙන් විස්තර කර ඇත.

අළුත උපන් කුඩා දරුවාට ලෝකයක් නැත. ඔහුට හෝ ඇයට තවමත් චින්තනය නිර්්මාණය වී නොමැති බැවිනි. ලෝකයක් නැති කුඩා දරුවාට ලෝක විනාශයකුත් නැත. එමනිසා දරුවාට බියකුත් නැත. කුඩා දරුවාට නොමැති බිය වැඩිහිටි අපට ඇති වූයේ කෙසේ ද? බාහිරින් ඉගෙනගත් දැනුම පිළිගත් නිසා නොවේ ද? —2012 දී සිදුවනවා යයි කියන ලෝක විනාශය˜ අසා බියට පත් වන්නේ එම ධර්ම පිළිගත් නිසා ය. මෙවැනි ධර්මයක් ඔබ නොදැන සිටියේ නම් බියක් ඇතිවෙනවා ද?

අනුන්ගෙන් අසා දැනගත් මෙම දැනුම සත්යදය ද? අපට තිඛෙනවා යයි පෙනෙන්නේ අපගේ ඉන්ද්රිෙයන් පිටතට යොමු කර අප විසින්ම සාදාගත් ලෝකයකි. නමුත් අවාසනාවට කරුණ නම්, සියළුම පෘතජන දේශකයෝ තම චින්තනය හරහා බාහිර ලෝකයක් පිළිගෙන එම ලෝකයේ ආරම්භයක් හා විනාශයක් ගැන දේශණා කරති. එතැනින් නොනැවතී එයට පිළියම් ද දේශණා කරති. විවිධ වූ ක්රිැයාමාර්ග තම අනුගාමිකයින්ට උගන්වති. තමන් විසින් නිර්මාණය කරගත් ලෝකය විනාශ වනවා විනා, විනාශ වන්නට බාහිර ලෝකයක් නැති බව මෙම දේශකයෝ නොදනිති.

බාහිර ලෝකය පිළිගත් පෘතජන පුද්ගලයා එම ලෝකයේ විනාශයද පිළිගත් නිසා බියට පත්වෙයි. බාහිර ලෝකය යනු තම මනසින් සාදාගත් මායාවක් බව දකින සත්යශ දුටුවා වූ යමෙක් ලෝකය දැක ලෝකයෙන් එතෙර වෙයි. සියළුම දෘෂ්ඨි වලින් නිදහස් වූ ඔහු හෝ ඇය ලෝක විනාශය ද දැක ලෝක විනාශයෙන් නිදහස් වෙයි.

ලෝකයේ උපත කුමක් ද? මායාවක් වූ මෙම ලෝකය ඔබ නිර්මාණය කරගන්තේ ගුරු දෙමව්පිය ඇතුළු බාහිර පුද්ගලයන්ගෙන් අසා දැනගත් දැනුමෙනි. මෙම දැනුම නිසා සිතුවිලිත් කාලයත් තමන් විසින්ම නිර්මාණය කරගත් බව මා විසින් මීට ඉහත පලකරන ලද ලිපිවලින් පෙන්වා දී ඇත. කාලය යනු පිළිගැනීමකි. කාලය පිළිගැනීම නිසා මිනිස් සත්වයා අතීත වර්ථමාන සහ අනාගත කාලයට අසුවී ඇත. කුඩා දරුවාට නැති ලෝකය වැඩිහිටියෙක් බවට පත්වන විට නිර්්මාණය වන්නේ දැනුම පිළිගැනීමත් එමගින් කාලයට අසු වීමත් නිසා ය.
ලෝක විනාශය නම් කුමක් ද? ඔබ මෙතෙක් කල් බාහිර ලෝකයක් පිළිගෙන එම ලෝකයේ විනාශයක් පිළිගත්තේ ය. නමුත් තමන් නිර්මාණය කරගත් ලෝකයත් එහි විනාශයත් දුටුවේ නැත. ලෝක විනාශය යනු අනෙකක් නොව තමන් පිළිගත් කාලයෙන් නිදහස් වීමයි. අතීත වර්ථමාන අනාගත තුන් කාලයෙන් ම නිදහස් වූ විට, ලෝකයෙන් ද ලෝක විනාශයෙන් ද නිදහස් වෙයි. ලෝකය පිළිගැනීම නිසා උරුම වූ ජාති ජරා ව්යාගධි මරණ වලින් ද මිනිස් සත්වයා නිදහස් වෙයි.

2012 දී ලෝකය විනාශ වනවා යයි කියන අනාවැකියෙන් අපට කියාදෙන පනිවිඩය කුමක් ද? විනාශ වන්නට බාහිර ලෝකයක් නැති බැවින් විනාශ වන්නේ තමන් නිර්මාණය කරගත් ලෝකයයි. ලෝකය නිර්මාණය කරගන්තේ තමන් විසින් අනුන්ගෙන් ඉගෙන ගත් ධර්ම වලින් බව දැක, ඔබ තුල බිය නැති කල හැක්කේ —බුද්ධ ප්රමඥ්ඥාවට˜ පමණි. 2012 දී ලෝක විනාශය සිදුවන්නේ යයි යන අනාවැකිය සත්යධ නම් එහි තේරුම 2012 න් පසු —බුද්ධ ප්රගඥ්ඥාව˜ පහළ වන බවයි. නමුත් (බාහිර ලෝකය ඔබ විසින් නිර්මාණය කරගත්තක් බැවින්) ඔඛෙන් බාහිර බුදුකෙනෙක් පහළ වන්නේ ද නැත. එසේනම් සිදුවන්නේ කුමක් ද? 2012 න් පසු ඔබ බුද්ධත්වයට පැමිණෙයි. ඔබ බුද්ධත්වයට පැමිණි පසු මායාවක් වූ ලෝකයත් මහා භද්ර කල්පයත් විනාශ වී යයි. ධර්ම පිළිගැනීමෙන් බිය උපදී. ධර්මය දැකීමෙන් මෙතෙක් බිය ඉපිද වූ ධර්මයෙන් ද, ධර්මයෙන් නිර්මාණය කරගත් කාලයෙන් හා මරණයෙන් ද නිදහස් වෙයි.

ආචාර්ය තිස්ස සේනානායක
ලංකා දීප ඉරිදා පත්රවයේ පල කරන ලද ලිපියකි. "

Source:- http://www.facebook.com/home.php#!/topic.php?uid=185061499423&topic=14068&post=62669&ref=notif&notif_t=board_post_reply#post62669

වර්තමානයේ කතාබහට ලක්ව ඇති මාතෘකා අතර ජනපි‍්‍රයම මාතෘකාව බවට පත්ව ඇත්තේ වසර 2012 දෙසැම්බර් 21 වන දින සිදුවෙතැයි පවසන ලෝකය විනාශ වේ යැයි යන කරුණය. පසුගිය කාලය තුළ ලොව ප්‍රකට විවිධ පුවත්පත් සඟරා අන්තර්ජාල පුවත් ආදියෙහි විවිධ අදහස් මේ පිළිබඳ පළ විය. මෙම මාතෘකාවෙහි උණුසුම දැන් ලංකාව වැනි රටවලටද දැනෙමින් පවතින නිසා,, ඒ පිළිබඳ ධර්මානුකූල විමර්ශනයක් ගෙන ඒම, කාලෝචිතය.

2012 ලෝක විනාශය පිළිබඳ කතාව කරලියට පැමිණියේ මෑතක දී ප්‍රචාරය කෙරුණු 2012 නම් චිත්‍රපටයෙන් පසුව බව පැහැදිලිය. එසේම මිෂනාරී සමාජ පසුබිමක් සහිත ලොව බොහෝ රටවල ජනතාව ලෝක විනාශ භීතියෙන් පසුවන බව අන්තර් ජාතික තොරතුරු ඔස්සේ දැක ගත හැකිය. ඒ අතර මේ භීතිකාව තුළින් තම බඩ වියත රැක ගැනීමට ද ඇතැමුන් උත්සාහ කරන බව, එක්තරා රටක වෙළෙඳ සමාගමක් විසින් නිෂ්පාදනය කොට ඇති ලෝක විනාශයෙන් හිස බේරා ගැනීම සඳහා යැයි කියමින් සකසන ලද හිස් වැසුම් මගින් පෙනී යයි.

මෙම ලෝක විනාශ භීතිකාව ජනතාව වෙත ගෙනෙන ලද ප්‍රථම අවස්ථාව මෙය නොවන බව මෙහි දී සිහි කටයුතු ය. මීට ඉහත දී වසර 2000 සහශ්‍රකය ලබන විට ද ලෝක විනාශයක් සිදු වන්නේ යැයි ප්‍රකාශ නිකුත් කළ එක්තරා රටක ආගම් අන්තවාදීන් පිරිසක් 2000 සහශ්‍රකය ලබන අවස්ථාවේ දී තමන් යාඥා සිදු කරන ශාලාව වෙත අනුගාමිකයන් සිය ගණනක් රැස් කළ බව අසන්නට ලැබිණි. අනතුරුව සහශ්‍රකය ලබන විට ලෝක විනාශය වන්නේ යැයි සිතා දෙවියන්ට යාඥා කළ එහි සිටි ප්‍රධාන පූජකවරයා, එම අවස්ථාවේදි ලෝක විනාශය සිදු නොවු හෙයින් ශාලාවෙහි සියලු දොරගුළු ලා සිය ගණනක් ජනතාව ඇතුළත සිටියදී ශාලාවට ගිනි තැබූ සිද්ධිය මෙහි දී සිහියට ගත යුතු ය. වත්මන් ලෝකය හැම අතින්ම දියුණූ යැයි පැවසුව ද, ඇතැම් පුද්ගලයන් තමා තුළ ඇති පටු ආකල්ප හා අන්ධ විශ්වාස හේතුවෙන් සත්‍යය අසත්‍යය තෝරා ගැනීමට නොහැකි බවෙන් ඇති වන ඛේදවාචකයන්ට මෙය එක් නිදසුනක් පමණකි.

බුදු දහමට අනුකූලව බලන කල්හි ලෝකය යන වචනය නිර්වචනයේ දි දෙඅංශයකින් එය විස්තර කළ හැකිය. එක නම් පරමාර්ථ වශයෙන් සඳහන් කළ කොටස හා සම්මුති වශයෙන් ගොඩනගාගත් කොටස ය. මෙහි දී පරමාර්ථ වශයෙන් එය හඳුන්වා ඇත්තේ , බඹයක් පමණ වන ශරීරයම ලෝකය වශයෙන් සැළකෙන බව ය. එහි දී තථාගතයන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මෙම බඹයක් පමණ වන ශරීරය තුළ දීම ලෝකයේ ඇති වීමත්, විනාශයත් දැකිය හැකි බව ය. භෞතික ලෝතය ගොඩනගා ගෙන ඇත්තේ පුද්ගල බද්ධ ඉන්ද්‍රියයන් මුල්කොට ගෙන ය. පුද්ගලයන් 10 දෙනෙකු ගතහොත්, මෙම 10 දෙනාට දැකිය හැකි වන්නේ භෞතික ලෝකය එක් ආකාරයකට නොව, 10 ආකාරයකට ය. මෙයින් පෙනී යන්නේ භෞතික ලෝකය වනාහි තම තමා ලත් දැනීම් මට්ටම් අනුව ගොඩ නඟාගත් මායාවක් බව ය. මේ වන විට ලෝ වැසි ජනතාවට පැමිණ ඇත්තේ මෙසේ තම තමා විසින් ස්වකීය ඉඳුරන් ඔස්සේ හඳුනාගත් මෙම භෞතික ලෝකය තුළ 2012 වසරේ ඇති විය හැකැයි සැක කෙරෙන විනාශයක භීතියකි. වත්මන මෙම මාතෘකාව නිසා 2012 දෙසැම්බර් 21 වන දින ගැන සිතා මරණ භයින් තැතිගත් පිරිසක් බවට බොහෝ දෙනා පත්ව ඇතැයි සිතිය හැකිය. 2012 ලෝක විනාශය ඇති වුවත් නොවු වත් කිසියම් දිනක ලොව උපන් සියලු සත්වයන්ට කිනම් හෝ හේතුවක් මුල්කොට මරණයට පත්වේ යන අවබෝධය ඇත්නම් ලෝක විනාශය හෙට දිනයේ සිදු වුවද ඒ ගැන කිසි භීතියක් තැවීමක් කිසිවකුට හෝ ඇති නොවන බව පැවැසිය හැකිය. බුදු දහම අනුව සලකා බලන කල්හි පුද්ගලයාට මෙවැනි භීති උපදින්නේ තමා විසින් තාවකාලිතව සකසාගත් කාම සම්පත් නිසා බව, බුද්ධිමත්ව සිහි කළ යුතුය.තමා උපයාගත් කාමයන් අත්හැරීමට යමකුට අපහසුතාවයක් ඇත්ද, ඔහුට එම කාමයන් අහිමිවේ යැයි යන බිය උපදින බව,බුදු දහමේ ඉගැන්වීම වන්නේ ය.

වර්තමානයේ නොදැහැමි රාජ්‍ය ලොව පහළ වෙමින් පවතින වකවානුවක් තුළ තම තමන් ගමන් ගන්නා මාර්ගය පිළිබඳව නැවත සිතා බැලීමට එම බලවත් නායකයන් උනන්දු විය යුතුය. මිනිසා අධර්මිෂ්ට වෙමින් පවතින මෙවැනි කලක, ලෝක විනාශ භීතිකාව තුළින් කිසියම් සාධනීය ප්‍රතිඵල ඇති වීමට ද හැකිය. මෙතෙක් කල් මිනිසා විසින් භෞතික වශයෙන් ගොඩනගා ගත් සියල්ල සදාතනික යැයි සිතමින් ස්වකීය ආත්මය ඒ මතම රඳා පැවැත්වීමට කටයුතු කළ ඇතැමුන්ට සියල්ල සුළු නිමේෂයකින් අනිත්‍යතාවට පත් වේ ය යන පණිවිඩය වැදගත් අධ්‍යාත්මික වෙනසකට අවශ්‍ය පසුබිමක් වේ යැයි ද සිතිය හැකිය. එහෙත් අධ්‍යාත්මය සංවර්ධනය කර නොගත් පුද්ගලයින් හරියට මරණ 7 ක් මැද පැණි කෑ පුරුෂයා මෙන් කටයුතු කරනු ද දක්නට ලැබෙයි. බොහෝ දෙනකුට ධර්මය, අධර්මය සොයා ගැනීමට නොහැකි වී ඇත. එම නිසා ලොව පුරා මිනිසා, මිනිසාටම එරෙහිව , ආයුධ ගෙන අවියෙන්ම නැසෙන කාලයක් කරා ළඟා වී ඇත. මහ පොලොව වෙනුවෙන් හා බල ලෝභය නිසා සියලු මිනිස්කම් අමතක කොට ලොව බලවත් රටවල් දිළිඳු රාජ්‍ය ස්වකීය අතකොළු බවට පත් කොට ඇත. ලක්ෂ සංඛ්‍යාත ජනයා දරිද්‍රතාව හා කුස ගින්නෙන් පීඩා වින්ද ද, ඇතැමුන්ගේ සිත් තුළ ඔවුන් ගැන අනුකම්පා සිත් පහළ නොවීම, මෙම නොදැහැමිකමේ පැතිකඩක් ලෙස දැක්විය හැකිය.

වර්තමානයේ මිනිසාගේ භෞතික දියුණුවත් සමග ස්වභාව ධර්මයට පටහැනිව මිනිසා කටයුතු කරමින් සිටියි. මිනිසා විසින් ලෝකයට කෙරෙන මෙම හිරිහැරය ස්වභාව ධර්මය විසින්ම පාලනය කිරීමට කිසියම් අවස්ථාවක ඉදිරිපත් වනු ඇත. මෙහිදී සිදුවන්නේ ස්වභාව ධර්මය විසින්ම මිනිසාට දඬුවම් කිරීම ය. එහිදී ස්වභාව ධර්මය විසින් ලබා දෙන දඩුවම සිතාගත නොහැකි තරම් සංකීර්ණ විය හැකිය. ඇතැම් විට ස්වභාව ධර්මයේ දඬුවම එක විට නොව ටිකෙන් ටික මිනිසා වෙත ලබාදීමට ඉඩ ඇති අතර, එය ඊටත් වඩා බිහිසුණු ප්‍රතිඵල ඇති කළ හැකි බව ද වටහාගත යුතු ය. එම නිසා ලෝක විනාශය 2012 වුවත් නැතත් මිනිසා ධර්මානුකූ®ල නොවුවහොත් අප නොසිතන කුමන හෝ අවස්ථාවක මිනිස් ප්‍රජාවගේම අවසානය වැඩිකල් නොගොස් සිදු විය හැකි බව සිහිකට යුතුය.

බුදු දහම වටහාගත් පිරිසක් ලෙස 2012 ලෝක විනාශය සිදු වේය යන දැඩි නිගමනයක් ඇතිව සිටිම නුසුදුසුය. එයින් සිදු වන්නේ, තම තමන්ගේ කටයුතු අඩාලවීම පමණකි.

අවසාන වශයෙන් අප අවධාරණයෙන් දත යුතු කරුණක් ඇත. එනම් ලොව බොහෝ පුද්ගලයන් එකවර අන්ධානුකරණයකට ගොස්, 2012 දෙසැම්බර් 21 වන දින ලෝක විනාශය වේ යැයි සිතමින් විශ්ව තලයට නිකුත් කරන අයහපත් මානසික ශක්තිය නිසා කිසියම් විටක යම් ආකාරයක විනාශයක් පැමිණීමට ඉඩ ඇති බව නම් සිතීම මනෝ විද්‍යානුකූල ය.

තෙරුවන් සරණයි

උපුටා ගැනීම-www.sinhalawatch.wordpress.com


එදින වෙනදා මෙන් ම හොඳින් හිරු පෑයූ දිනයකි. සොබාදහමේ පැහැයෙන් මුළු ලොවම බබළමින් තිබේ. මිනිස් වර්ගයා ද තම එදිනෙදා වැඩකටයුතුවල සාමාන්‍ය අන්දමින් නිරත වෙමින් සිටිති. එහෙත් එක් වරම සිදුවන්නේ මහා විපතකි.

එමෙන් ම එය අදහා ගත නොහැකි තරම් ය. මහ පොළව ගුගුරා කඩා හැලේ. එහි අඩුව පිරවීමට මෙන් සුනාමි ලෙස වියරු වැටුණු මහා සාගරය ගොඩබිමට ගලා එයි. පණ බේරා ගැනීමට එහා මෙහා දිව යන මිනිස්සු පවසන්නේ මේ ලෝක විනාශය බවයි. දිනය 2012 දෙසැම්බර් මස 21 වැනිදා ය.

තිරය දෙස බලා සිටි මට සිතුණේ මේ මොන විකාරයක් ද යන්නයි. මිනිසුන් බය කරන්නට මේ තරම් දේවල් කළ යුතු නැත. අනෙක් අතට පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණ මෙන් ම ස්වභාවික විපත් කැටි කොට ගනිමින් නිපදවුණ හොඳ සිනමා පට අපි රස විඳ ඇත්තෙමු. 2012 සිනමා පටය ප්‍රේක්ෂක ආකර්ශණයට ලක් වූයේ විශේෂයෙන් ම ඒ සඳහා ලබා දුන් ප්‍රචාරණය හේතුවෙනි.

සිනමා පටය සිනමාහල් කරා ඒමට මාස 3 කට පමණ පෙර අතීතයේ විසූ මායාවරුන් ගේ දින දසුනකට අනුව 2012 දී ලෝක විනාශය සිදුවන බව පැවසෙන විද්‍යුත් තැපැල් පත් බොහෝ විද්‍යුත් ලිපින වෙත ලැබී තිබුණි. මා වෙත ලැබුණ මෙම විද්‍යුත් තැපැල් පත කියවා බැලූ මට වැටහී ගියේ එය තවත් එක් විහිළුවක් බවයි. එහෙත් එය බොහෝ දෙනා අතර සාකච්ඡාවට බඳුන් වී තිබිණි.

ඉන් පසුව පැමිණියේ සිනමා පටයයි. බටහිරට සමගාමීව ශ්‍රී ලංකාවේ ද ප්‍රදර්ශනය වූ 2012 නම් වූ මෙම සිනමා පටය විශාල ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් විය. එහෙත් අර්බුදය මතු වන්නේ ඉන්පසුව ය. 2012 වසරේදී ලෝක විනාශයක් වීමට බොහෝ ඉඩකඩ ඇති බවත් ස්වභාවික ව්‍යසනයක් මේ පෙන්නුම් කරන්නේ එහි පෙරමග ලකුණු බවත් යනුවෙන් පැවසෙන මතවාද සමාජය පුරා විසිරී පැතිරී යන්නට විය. මෙය බොහෝ ජනමාධ්‍යයන්හි ද සාකච්ඡාවට බඳුන් විය.

ඒ සමගම අයිස්ලන්තයේ ගිනිකන්දක් පුපුරා ගිය අතර ඒ සමඟ නැඟුණු දූලි අළු වළාවෙන් යුරෝපයේ ගුවන් ගමන් අඩාල විය. ලෝකයේ ප්‍රදේශ කිහිපයකින් ම භූමි කම්පා සහ ජල ගැලීම් ද වාර්තා වූයේ ය. බොහෝ දෙනා මේ සියල්ල දුටුවේ 2012 දී සිදුවන ලෝක විනාශයේ මුල් අධියර ලෙසිනි. ඒ සමඟම පැවසෙන්නට වූයේ ලෝකය පුරා ස්වභාවික විපත් වල කිසියම් වර්ධනයක් සිදුවී ඇති බවයි.

සැබවින් ම මෙම තොරතුරුවල සත්‍යතාවක් තිබේ ද? විමසා බැලිය යුත්තේ එයයි. ජනතාව අතර පැතිර යන මතය පරිද්දෙන් ම ස්වභාවික විපත්වල කිසියම් වර්ධනයක් සිදුවෙමින් පවතී ද? අයිස්ලන්තයේ එජාෆ්ජාල්ලාජෝකුල් ගිනිකන්ද පුපුරා යාම ආරම්භ වූයේ අප්‍රේල් මාසයේ මුල් කාලයේදී ය. ඒ සමඟ ම අප්‍රිකාවේ නැඟෙනහිර ඉවුරට සමීපයේ පවතින එන්ගොරොන්ගෝරෝ ගිනි කන්ද ද පුපුරා ගියේ ය. එහෙත් එහි විදාරණය එජාෆ්ජාල්ලාජෝකුල් හි විදාරණය තරම් ලෝක අවධානයට පාත්‍ර වූයේ නැත.

ඊට හේතුව වූයේ එම ගිනි කන්දේ විදාරණය එජාෆ්ජාල්ලාජෝකුල් මෙන් නොව මිනිසාගේ එදිනෙදා ජීවිතයට අවම හානියක් ගෙන දීමයි. අයිස්ලන්තයේ ගිනිකන්ද යුරෝපයේ ජන ජීවිතය අඩාල කළ අතර එබැවින් ම එය ජනමාධ්‍යයන්ගේ ද ප්‍රබල අවධානයට ලක් විය. ගිනිකඳු පුපුරා යාමේ වර්ධනයක් සිදුවී ඇති බවක් ද කියවෙන්නට විය. එහෙත් තොරතුරු සොයා බලන විට පෙනී යන්නේ එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. අයිස්ලන්තයේ පමණක් ඇති ගිනි කඳු සංඛ්‍යාව 42 කි.

මෙහි ගිනි කඳු 42 ම වරින් වර සක්‍රිය වෙමින් අක්‍රිය වෙමින් පවතී. මෙවර සක්‍රිය වූ එජාෆ්ජාල්ලාජෝකුල් ගිනිකන්ද අසල ඇති වඩා ප්‍රබලත්වයෙන් සහ විශාලත්වයෙන් වැඩි කැට්ලා ගිනිකන්ද ඒ සමඟම විදාරණය වනු ඇති බවට මතයක් එකළ ප්‍රකාශ විය. මීට පෙර මේ ගිනි කඳු දෙකම බොහෝ දුරට එකවර සක්‍රීය වූ බවට ද වාර්තා පැවතුනි. එමෙන් ම කැට්ලා ගිනි කන්දේ නිවුන් සහෝදරිය ලෙස හඳුන්වන හෙක්ලා ගිනිකන්ද ද ඒ සමඟ විදාරණය වීමට ඉඩකඩ පවතින බව ක් ද ප්‍රකාශ විය.

එහෙත් ඒ ප්‍රකාශ නිශ්ප්‍රභ කරමින් කැට්ලා හෝ හෙක්ලා විදාරණය වූයේ නැත. අයිස්ලන්තය පමණක් උදාහරණ වශයෙන් ගෙන විමසා බලන විට පෙනී යන්නේ පසුගිය වසරේ මෙන් ම අදින් වසර 500 කට ඉහත අතීතයේදී ද ගිනිකඳු පිපිරීම වාර්තා වී ඇති බවයි. එහෙත් ඒ තත්ත්වයෙ කිසිදු අඩුවීමක් හෝ වැඩි වීමක් සිදුවී ඇති බවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක.

එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට පසුගිය 05 වැනිදා උදෑසන දහය වන විට ලොව පුරා සිදුවූ භූමි කම්පාවල විස්තරයක් මෙලෙස දැක්විය හැකි ය. එම දිනයෙන් සම්පූර්ණ වූ ගත වූ සතියේ පමණක් සිදුවී ඇති භූමි කම්පා සංඛ්‍යාව 320 ක් විය. ගත වූ පැය 24 තුළ භූමි කම්පා 11 ක් සිදු වී ඇතැයි වාර්තා වී තිබූ අතර මාර්තු පස් වැනි බදාදා උදේ 9.00 - 10.00 අතර කාලයේදී එක් භූමි කම්පාවක් වාර්තා වී තිබුණි. චිලී දේශයේ වල්පරයිසෝ නගරය ආශ්‍රිතව වාර්තා වී තිබූ එහි ප්‍රබලත්වනය රික්තර් මාපක 4.8 ක් විය.

මේ තොරතුරු අනුව පැහැදිලි වන්නේ ගත වන සෑම පැයකදීම හෝ ඊට ආසන්න කාලයකදී ලෝකයේ කිනම් හෝ භූ තැටියක් චලනයට ලක් වන බවයි. එහෙත් මේ දත්තය මේ වනවිට භූමි කම්පාවල වැඩි වීමක් හෝ අඩු වීමක් සිදුවී ඇති බව පවසන්නේ නැත. ඒ අනුව මෙම තොරතුරු විමසා බැලීමෙන් සාක්ෂාත් කර ගත යුතු වැදගත්ම කරුණ නම් පෘථිවියේ භූමි කම්පාවල වැඩිවීමක් සිදුවී ඇතැයි යන මිත්‍යා මතයෙන් බැහැරවීමයි.

ගෙවී ගිය සියවසේ එනම් 1900 සිට 1999 දක්වා පෘථිවිය මත එක් මිනිසකු හෝ මරණයට පත් කරමින් සිදුවී ඇති භූමි කම්පා සංඛ්‍යාව 1307 කි. අවධානයට ගත යුතු කරුණ වන්නේ මෙම සංඛ්‍යාව ගත වූ සියවසේ සිදුවූ සමස්ත භූමි කම්පා සංඛ්‍යාව නොවන බවයි. ඒ අතුරින් 1900 සිට 1909 දක්වා වන දශකය තුළ සිදුවී එක් පුද්ගලයකු හෝ මරණයට පත් කළ භූමි කම්පා සංඛ්‍යාව 49 කි.

2000 සිට 2009 දක්වා දශකයේදී මේ සංඛ්‍යාව 219 ක් වේ. එහෙත් 1990 සිට 1999 දක්වා වන වසර දහයේදී මේ සංඛ්‍යාව 239 ක් ලෙස දැක්වේ. මෙම දත්ත දෙස මතුපිටින් බලන අයකු මෙම දශකය ආරම්භයේදී නම් කම්පාවල අඩුවීමක් වාර්තා වී ඇතැයි පැවසිය හැකි ය. එහෙත් එවන් අදහසකට පැමිණීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් වේ.

ඉන් පළමුවැන්න නම් ගත වූ සියවස ආරම්භයේදී පෘථිවිය මත විසූ ජනගහනයයි. එදිනට සාපේක්ෂව මේ වනවිට ජනගහනයේ අති ශීඝ්‍ර වර්ධනයක් සිදුවී ඇති බව සැවොම දන්නා කරුණකි. එමෙන් ම මේ භූමි කම්පා ගණනය කොට ඇත්තේ ‘එක් පුද්ගලයකු හෝ මිය ගිය’ යන නිර්ණායකයට අදාළව ය.

එබැවින් සියවසේ ආරම්භක දශකයේ දී පුද්ගල මරණ සිදුවූ භූමි කම්පාවල අඩුවීමක් තිබී ඇත. දෙවනුව සියවස අවසාන වන විට විද්‍යා හා තාක්ෂණ අංශ ලබා තිබූ ප්‍රගතිය සැලකිල්ලට ගත යුතු ය. මේ හේතුවෙන් දත්ත වාර්තා වීම සියවස ආරම්භයට වඩා සියවස අවසානයේදී වඩා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නට ඇත.

මෙවැනි හේතු සාධක මගින් පෙනී යන්නේ භූමි කම්පා හෝ ගිනි කඳු වැනි ස්වභාවික විපත්වල වැඩිවීමක් පවතින බවට නිගමනයකට එලඹීමට නොහැකි බවයි. එහෙත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ම සිදුවන දෙයක් වන අතර එහි අතුරු ප්‍රතිඵල රාශියකි. ධ්‍රැව කලාපවල අයිස් දිය වීම ඒ අතුරින් ප්‍රධානය. අවාසනාවන්ත ලෙස ගෝලීය උණුසුමේ ඉහළ යාම දිනෙන් දින වර්ධනය වන තත්ත්වයක් බව පැවසිය යුතු ය. ඒ අනුව ගෝලීය උණුසුම ඉහළ යාම හා බැඳුණු සෙසු අතුරු ප්‍රතිඵලයන්ගේ බලපෑම ද වර්ධන වන බව නිශ්චිතය.

එමෙන් ම මේ තත්ත්වයන් යටතේ ජනමාධ්‍යයන්ගේ භූමිකාව කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. සාමාන්‍යයෙන් සිදුවන ඕනෑම සිදුවීමක තත්ත්වය අවම කර පෙන්වීමට ද උපරිම කර පෙන්වීමට ද හැකියාවක් ජනමාධ්‍ය සතු ය. එමෙන් ම ජනමාධ්‍ය ආකර්ශනය වන්නේ තමා වෙත පාඨකයා, ශ්‍රාවකයා හෝ ප්‍රේක්ෂකයා ආකර්ශනය කර ගත හැකි දේ වෙත ය. මිනිස් වර්ගයා ස්වභාවයෙන් ම තම පැවැත්ම තීරණය කරන දේ සම්බන්ධව සංවේදී වෙයි.

එබැවින් ම ස්වභාවික ව්‍යසන, පෘථිවියේ අනාගතය හෝ ලෝක විනාශය වැනි මාතෘකා ජනමාධ්‍ය වෙත ග්‍රාහකයා බෙහෙවින් ආකර්ෂණය කරන්නේ වෙයි. මේ තත්ත්වය යටතේ ස්වභාවික විපත් වාර්තා වීම වැඩි වන අතරම ව්‍යසනයන්ගේ ව්‍යසනකාරී බව වාර්තාවීම ද වැඩිවේ.

මේ සිදුවීම් දාමයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ලෝක අවසානය අත ළඟ බවත්, මිනිස් වර්ගයා මේ ගෙවා දමන්නේ පෘථිවිය මත වෙසෙන අවසන් වර්ෂ කිහිපය බවත් යනාදී වශයෙන් අසත්‍ය එහෙත් ආකර්ෂණීය මත ජනතාව අතර පැතිර යාමය. එපමණක් ද නොව ජනතාව අතර මෙවන් මත ප්‍රචාරය කරමින්, ඔවුන් බිය වද්දමින් තම නිර්මාණය විකුණා ගැනීමට ශූර චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සමත් වීම ය.

උපුටා ගැනීම සිළුමිණ 2010/05/09

ත්‍රාසය, භීතිය, කුතුහලය හා සන්ත්‍රාසය කුළු ගන්වමින් 21.12.2012 චිත්‍රපටය දැන් ලොව පුරා ප්‍රදර්ශනය වේ. බෙන්හර් චිත්‍රපටයේ අවසාන අශ්ව කරත්ත ධාවන තරගය දර්ශනයෙන් ඇරඹී රම්බෝ ටයිටැනික්‌ හරහා දැන් 21. 12. 2012 දක්‌වාම පැමිණ ඇති මෙවන් චිත්‍රපට වලින් කියෑවෙන සත්‍යයක්‌ තිබේ. ඒ අපට භීතිය ගෙන දෙන එහෙත් අපව කුළුගන්වන ඇඟ කිළිපොලා යන දර්ශන ඇතුළත් චිත්‍රපට වලට ඇති ඉල්ලුම වැඩි බවය.

මහා බැරූරුම් ගැඹුරු ඊනියා අර්ථාන්විත චිත්‍රපට නිපදවීමට දේශනා කරන ඇමරිකාව තම රටේත් ඉන් පරිබාහිරවත් වෙසෙන මිනිසුන්ට විනෝදය ගෙන දීමේ කර්මාන්තයේ හොඳින් නියෑළේ.

ඇමැරිකාවේ ප්‍රධානතම කර්මාන්තවලින් එකකි චිත්‍රපට කර්මාන්තය. එය තම චිත්‍රපට සාර්ථක කර ගැනීම උදෙසා විවිධ උපාය, උපක්‍රම, ප්‍රයෝග භාවිත කරති.

කර්මාන්තය ශාස්‌ත්‍රය වශයෙනුත්, දෙවනුව කියූ උපාය, උපක්‍රම, ප්‍රයෝග සූත්තරය වශයෙනුත් හැඳින්වූවාට වරදක්‌ නැත. චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක කර ගැනීමට ශාස්‌ත්‍රයට වඩා සූත්තරය යොදවා ගෙන ඇති බව පෙනේ.

ශාස්‌ත්‍රයට වඩා සූත්තරය, යෑයි අපේ ගැමියෝ ප්‍රකාශ කළේ මෙයටයි.

මේ චිත්‍රපටය පිළිබඳව අද කතා නොකරන කෙනෙක්‌ නොමැත.

මායාවරුන්ගේ දින දර්ශනය, පෘථිවියේ ධ්‍රැවය වෙනස්‌වීම, ඉරු, පෘථිවිය හා ක්‍ෂිතිජය එකම රේඛාවකට පැමිණීම මෙහි මුල් තැන්හිලා සැලකිය හැකිය. පසුගිය දිනවල ඇමරිකාවේ ආර්ථික අවපාතය පිළිබඳව හැමෝම කතා කළා මතකය. එහෙත්, එවන් දෙයක්‌ සිදුවිණි දැයි කතා කළ අයටවත් දැන් මතක නැත. 21.12. 2012 වන විටද සිදුවන්නේ මෙයමය.

බයිබලයේ නෝවා නෞකාවෙන් චිත්‍රපටය නිමාවට පත්වීම ගැන කිසිවෙක්‌ කතා නොකරති.

මෙවන් චිත්‍රපට ගැන කතා කිරීම නිෂ්ඵල දෙයකි. රටට දැයට සෙතක්‌ වන දෑ වෙනුවෙන් ඉතිරි කර ගත යුතු, වැය කළ යුතු කාලය බෝහෝය. අප සතුව තිබූ දැනුම, ශිල්ප ශාස්‌ත්‍ර විවිධ බලවේග මගින් අභාවයට පත්කරවමින් තිබේ. එම ශාස්‌ත්‍රවල ප්‍රබලත්වය දන්නෝ දනිති. ඒවා නිස්‌සරණාධ්‍යාසයෙන් රැකගෙන බෝධිසත්ත්ව ගුණෝපෙතයෙන් ලොවට සෙත සලසන අය අපි දැක ඇත්තෙමු.

ජ්‍යෙdතිෂ්‍ය (ජ්‍යෙdතිෂ්‍ය යන්නෙහි ජ්‍යෙdතීර් ගණිතය ද ඇතුළත් වේ) සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ගසට පොත්ත මෙන් බැඳී පවතින්නකි. සිංහල අවුරුද්ද, සිංහල විවාහ චාරිත්‍ර, මල්වර උත්සවය අපව අනෙක්‌ සංස්‌කෘතීන්ගෙන් පැහැදිලි ලෙසම වෙන්කොට ලෝකයාට හඳුන්වා දෙයි.

දරු උත්පත්තිය, ඉඳුල් කට ගෑම, කන විදීම, අකුරු කියවීම, ගොවිතැන, අලුත් අවුරුදු උදාව, නව සඳ බැලීම, නැකතට ගනුදෙනු කිරීම, අලුත් හා පරණ අවුරුද්දට ස්‌නානය, ළිං කැපීම, නිවාස තැනීම, ගෙයි උළුවහු තැබීම ඇතුළු වාස්‌තු විද්‍යාව, දරුවන් මහණ කිරීම, පොහොය කිරීම, විදුම් පිළිස්‌සුම් වෙදකම ඇතුළු සිංහල වෙදකම යනාදී මෙකී නොකී සියලුම තැන්හි ජ්‍යෙතිෂ්‍ය ප්‍රබල ස්‌ථානයක්‌ උසුලයි.

ජ්‍යෙdතිෂ්‍ය, වාස්‌තු විද්‍යාව, වෙදකම සමග සංස්‌කෘත භාෂාවත් බුද්ධ ධර්මය සමග පාලිත් එකට බැඳී පවතී.

ජ්‍යෙdතිෂ්‍ය තරම් මෑත භාගයේදී විකෘති වූ වෙනත් විෂයක්‌ නැති තරම්ය. විශේෂයෙන් බටහිර ඊනියා විද්‍යාත්මක වඩා නිවැරැදි යෑයි කියනු ලබන ඇමරිකානු ඒෂිමරිය මත සකස්‌ කරනු ලබන ලිත් මගින් මේ විෂය දූෂිත වී ගොස්‌ය.

පිරිවෙන් අධ්‍යාපනය නැති වී ගොස්‌ය. නොමිලේ දෙන බටහිර අධ්‍යාපනය මගින් සිංහලයා සතුව තිබූ ලොවම පාලනය කළ හැකි ලොවම විශ්මයට පත් කරන දැනුම අමතක කරවා ඇත.

සිංහලයන්ට තමන්ගේ අමතක වූ දෙය මතක්‌ කර දීම සඳහා මෙම චිත්‍රපටය යොදවා ගත හැක. අපේ විස්‌මිත පැරැණ්‌නන්ගේ දැනුමත් බටහිර මේ විෂ්‍යය පිළිබඳ දැනුමත් සැසඳීම හා අභියෝගයට ලක්‌ කිරීම මේ ලිපියේ අරමුණයි.

ප්ලූටෝ නේප්චුන්, යුරේනස්‌ වැනි ග්‍රහයන් අභියෝගයට ලක්‌කළ කොණ්‌ඩය බැඳී, බුලත්විට හැපූ, ගමේ ගොඩේ විසූ අපේ පාරම්පරික දෛවඥයන් ගමන් ගත් මඟ ගැනීමයි ඒ.

මධ්‍යම ඇමැරිකාවේ දකුණු මෙක්‌සිකෝවේ සිට ගෝතමාලා බටහිර හොන්ඩ්‍රයිරාස්‌ දක්‌වා පැතිර තිබුණේ යෑයි කියන මායා ශිෂ්ටාචාරයේ දින දර්ශනයේ අවසන් දිනය ගෙන චිත්‍රපටය නම් කොට ඇතැයි පැවසේ.

පළමුව මේ දිනය පිළිබඳ සිංහලයන් සතුව පැවති දැනුම විමසමු.

බටහිර දින දර්ශනයට අනුව දළ වශයෙන් මාර්තු 21 ජුනි 21 සැප්තැම්බර් 21 දෙසැම්බර් 21 යන දින සිංහලයන් සැලකුවේ අයනය සුන් විෂුවයේ දින ලෙසයි. ඉංග්‍රීසියෙන් මාර්තු 21 හා සැප්තැම්බර් 21 EQමසබදං (ඉක්‌විනොක්‌ස්‌) වශයෙන්ද ජුනි 21 හා දෙසැම්බර් 21 Sදකිඑසජැ (සොල්ස්‌ට්‌ස්‌ ) යනුවෙන් ද හඳුන්වති.

අපේ පැරැණ්‌නන් අඟුල් 12 ක (මහා සංකුව) හෝ අඟුල් 6 ක්‌ දිග සංකුව බිම තබා සෙවනැල්ල ගෙන (පලභාව) මුළු ලෝකයම මැන්නේ මේ දිනවලදීය.

21.12.2012 සූර්යයාත්, පෘථිවියත්, ක්‍ෂිතිජයත් එකම රේඛාවකට එන බව පවසත්..... සෑම වර්ෂයකම මෙම සංසිද්ධිය වුවද මෙදිනට එය හරියටම සෘජුව පිහිටන බව පවසති. මේ සියල්ලම ඉන්ටර් නෙටය බලා කියන දේවල්ය.

අතීත සිංහලයෝ මෙදිනට පලභාව ගෙන පළමුව අක්‍ෂ කර්ණයක්‌ ගණනය කරයි. පලභාව අඟුල් 5 ක්‌ නම් අක්‍ෂ කර්ණය ගණනය කරමු.

122+52= 13

පසුව මෙය පෘථිවියට ආදේශ කොට, ලම්බය, අක්‍ෂය හෙවත් අක්‌ෂාංශය, අග්‍ර, සංකුතල, නත, උන්නත, ක්‍ෂිතිජය (ගණිතමය අගයක) ද්විජ්‍යය, චර බණ්‌ඩය ගණනය කරනු ලබයි. මෙහිදී ක්‍ෂිතිජය අගය බිංදුව හෝ බිංදුවට ආසන්න අගයක්‌ ගනී. පහත දැක්‌වෙන සූර්ය සිද්ධාන්තයේ වගුව ඇසුරු කොටගෙන ගණනය කිරීම් කරණු ලබයි. ජුනි 21 දින වන විට වගුව අවසන් වේ. මෙම වගුව භාවිත කොට ග්‍රහයන්ගේ ස්‌ථානද ගණනය කරනු ලැබේ.

පලභාව (සංකු සෙවනැල්ල) ගෙන එන උදයාශව නැතහොත් ලංකෝදය අගයන් සමග ගණනය කොට පැය විනාඩි වශයෙන් (ශරය) ඒ ඒ අදාළ ස්‌ථානවලට එනම් මුළු ලෝකයටම ලග්න ශේෂයන් ගණනය කළ හැක. බටහිරයෝ වෙනසක්‌ දැක්‌වීම උදෙසා ලග්න ශේෂය යන වචනය ඉවත්කොට මුළු පැය අගයන්ම දක්‌වති. මහා දෙයක්‌ නොවේ. මෙය ඔවුන් හඳුන්වන්නේ Rසටයඑ asජැමිසදබ (රයිට්‌ ඇෂෙන්ෂන්) යනුවෙනි.

මායාවරුන් දින දර්ශන දෙකක්‌ භාවිත කළ බව ඉන්ටර්නෙටය (පඹගාල) හරහා තොරතුරු සොයා බලා කියන්නෝ පවසති. එයින් එක්‌ දින දර්ශනයක්‌ ක්‍රි. පූ. 3144 අගෝස්‌තු 1 පටන් ගෙන ක්‍රි. ව. 2012 දෙසැ. 21 අවසන් වේලු. එදාටම ලෝක විනාශය ද වේලු. ලෝක විනාශය කෙසේ වෙතත් මායාවරුන් විනාශ වී බොහෝ කල්ය. කතෝලික ආක්‍රමණවාදීන් මායාවරුන් ඉතිරි නොකොට සමූල ඝාතනය කර ඇත.

මේ අපූරු දින දර්ශනයේ දින සති මාස අවුරුදු නොමැත. එය සමස්‌ත කාලයේ ආරම්භයත් අවසානයත් සටහන් කර ඇත. කාල සීමා 5 ක්‌ පසුකොට මේ ගත කරනුයේ එම වක්‍රයේ අවසාන භාගයයි. මුළු චක්‍රයම සිදුවන කාලය වසර 26000 වේ. මේ සිදුවීම වන විට ධ්‍රැව වෙනස්‌ වීමකට ද භාජන වෙයි. මේ බටහිර මතයයි.

මායාවරුන්ගේ දින දර්ශනය පිළිබඳව විද්‍යාඥයෙන් පවසන්නේ සූර්යයාත් පෘථිවියත් සමස්‌ත විශ්වයේ ඒ ඒ වකවානුවලදී ගුවන් ගැබේ පිහිටන ස්‌ථාන දක්‌වා ඇති බවය.

මේ මායාවරුන්ගේ දෙයක්‌ නොවේ බටහිර මතයයි. යම් වසරක අප්‍රේල් 13 වැනි දින මේෂ රාශියේ අංශක 0 කලා 0 විකලා 0, අස්‌විද නැකතේ අංශක 0 කලා 0 විකලා 0 සමවිණි නම් නැවත එසේ සම වන්නේ වසර 26000 කට පසුවය. රාශි චක්‍රයේ මෙම ගමන හැඳින්වෙන්නේ ආයතන (ඡරුජසිsසදබ) නමිනි. වසරකට විකලා 50 බැගින් සිදුවන මෙම ගමන නිසා අවුරුදු 2160 කදී අංශක 30 වීමෙන් රාශියක්‌ ඉදිරියට පනී. මෙවිට මුලින් මේෂ රාශිය යම් තැනක තිබිණි නම් එතැන දැන් සිටින්නේ මීන රාශිය වෙයි. වසර 2428 අප්‍රේaල් 13 දින එතැන තිබෙන්නේ මීන රාශිය මිස මේෂ රාශිය නොවේ.

මෙසේ තාරකා විද්‍යා මූලධර්ම අනුව තම න්‍යායන් ගොඩනඟන සායන ජ්‍යෙdතිෂ්‍ය නීරක්‍ෂයට ඉහළින් හිරු උදාවන මාර්තු 21 වන දිනය සූර්යයා මේෂ රාශි ගත වන දිනය වශයෙන් සලකයි. ඒ අනුව සිංහල අවුරුද්ද සැමරිය යුත්තේ මාර්තු 22 වැනි දාය.

ඉහත න්‍යාය 1917 දී යුදෙව් ජාතික ඇල්බට්‌ අයින්ස්‌ටයින් විසින් ඉදිරිපත් කළ සාධාරණ සාපෙක්‍ෂතාවාදය (ඨැබ්ර්ක රුක්‌එසඩසඑහ) ට අනුව පෘථිවියේ භ්‍රමණ අක්‌ෂයත් පරිභ්‍රමණ කක්‌ෂයත් පුරවායනය (මුල් අවස්‌ථාවට නැවත නැවත පැමිණීම) වන බව හෙළිදරව් විය. පෘථිවියේ භ්‍රමණ අක්‌ෂය වෙනස්‌ වීම සම්පූර්ණ වටයක්‌ සිදුවීමට වසර 26000 ක්‌ ගතවේ. එනම් වසර (26000/12) 2166.67 වැනි කාලයක්‌ ගතවූ විට පෘථිවියට සාපෙක්‍ෂ රාශි චක්‍රය එක්‌ ලග්නයකින් ඉදිරියට යයි. තවත් වසර 2166 ක්‌ වැනි කාලයකට පසු සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට යන්නේ මැයි මාසයේ දිනකය.

මේ පෘථිවි භ්‍රමණ අක්‌ෂය වෙනස්‌වීම මත 21.12.2012 චිත්‍රපටය නිපදවා ඇත. එදින පොළව පුපුරා යයි. විදුලි රැහැන් කඩා වැටේ. මහා ගොඩනැඟිලි ද කඩා වැටේ. පොළව දෙකට බෙදී යයි. හොඳයි පෘථිවියේ භ්‍රමණ අක්‍ෂය මෙසේ වෙනස්‌වේ නම් චන්ද්‍රයාගේ පෘථිවිය වටා භ්‍රමණය ද වෙනස්‌ විය යුතුයි.

චන්ද්‍රයාත් කුජගෙන් බලපෑමෙන් කාන්තාවන්ට සෘතුවීම ඇති වේ. එවිට එම චක්‍රය ද වෙනස්‌ වේ. එවිට මෙලොව කාන්තාවන්ට සිදුවන විපත කෙතරම්ද? සෘතුවීමේ සංකූලතාවන්ද ඒ නිසා දරු උත්පත්තිය පිළිබඳ ගැටලුද ඇති වේ. 2012 වීමට ප්‍රථම ලෝකයේ කාන්තාවන් වඳ වී යැමට පටන් ගනී. එහි ප්‍රතිවිපාක වශයෙන් ලෝකයම ජන ශූණ්‍ය වීමට පටන් ගනී. පොළොව පලා යැම නම් කිසි දිනකත් සිදු නොවේ.

සිසිර මංචනායක

උපුටා ගැනීම 2010 අප්‍රේල් 16 සිකුරාදා දිවයින

ඔබත් මේ පිලිබදව උනන්දු නම් මෙන්න ඔබටත් අවස්ථාවක්! ඔබ ළගත් 2012 ලෝක විනාශය පිලිබදව ලිපි තිබෙනම් ඔබෙ ලිපි මෙම බ්ලොග් අඩවියෙ පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ කරගෙන යන්න පුලුවන්.(ඔයාලට කැමති ලිපි ගනනක් දාන්න පුලුවන්,මසෙට එකක් දැම්මත් කමක් නෑ)
මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් මාව සම්බන්ද කරගන්න.
api2012di@gmail.com
(මේ සම්බන්දයෙන් ඕන අදහසක්,ගැටළුවක් මේකට එවන්න!)

2012 සහ ලෝක විනාශය

2012 නම් ඉංග්‍රීසි චිත්‍රපටයක්‌ ඉකුත් සමයේ මෙරට සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරිණි. විද්‍යා ප්‍රබන්ධ කතාවක්‌ වන එහි අන්තර්ගතය ගැන සිංහල බෞද්ධයකු ලෙස අප ගේ ඇසින් බලා විචාරයක්‌ කිරීම මේ ලිපියේ අරමුණයි.

චිත්‍රපට කතාවෙන් ප්‍රධාන වශයෙන් වර්ෂ 2012 දී සිදු වීමට නියමිත ලෝක විනාශයක්‌ ගැන කතාවක්‌ ඉදිරිපත් කෙරේ. චිත්‍රපටයේ කතාව කෙටියෙන් විස්‌තර කරත හොත් ඒ මෙසේ ය. මුලින් ම 2009 වසරේ දී තරුණ ඉන්දියානු භූ විද්‍යාඥයකු විසින් පෘථිවි තලය පුරා ම සිදු වන ශීඝ්‍ර වෙනස්‌කම් රාශියක්‌ අතර සම්බන්ධතාවක්‌ මතු කරගනු ලැබේ. මේ පිළිබඳව ඔහු හිතවත් ඇමෙරිකානු භූ විද්‍යාඥයකුට කරුණු සහිතව පැහැදිලි කිරීමක්‌ කරයි. එම කරුණ අනුව ක්‍රියාත්මක වන ඇමෙරිකානු භූ විද්‍යාඥයා විසින් ඇමෙරිකානු ජනපති ඇතුළු රජයේ බලධාරීන් පිරිසකට පෘථිවිය පුරා ම සිදු වන මේ ක්‍රියාවලිය දැනුවත් කිරීමක්‌ කරනු ලැබේ.

පසුව මතු කරගන්නා කරුණු අනුව පෘථිවිය පුරා ම සිදු වන අදාළ විපර්යාස දාමය වසර කිහිපයකින් සිදු වන නොවැළැක්‌විය හැකි ලෝක විනාශයක පෙරනිමිති බවට ඇමෙරිකානු රජය නිගමනයකට එළැඹේ. ඒ අනුව ඇමෙරිකානු රජය, කලබලකාරී තත්ත්වයක්‌ ඇති වීමට ඉඩ ඇති බැවින් සිය රට වැසියන් හෝ ලෝ වැසියන් හෝ දැනුවත් නො කර වෙනත් සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කිරීම අරඹයි. ඒ අනුව ඔවුහු 2010 ජී-8 සමුළුවේ දී වෙනත් රටවල රාජ්‍ය නායකයන් පිරිසක්‌ දැනුවත් කිරීමෙන් පසු සාමූහිකව රහස්‍ය ව්‍යාපෘතියක්‌ ආරම්භ කරති. එම සැලසුම අනුව ඉන්දියාවේ හිමාල අඩවියේ ආක්‌ නමැති සුවිශාල ආරක්‍ෂිත නෞකා රාශියක්‌ ඉදි කිරීම ආරම්භ කෙරේ. එම රහසිගත ව්‍යාපෘතියේ අරමුණ වන්නේ 400000ක පමණ ප්‍රමාණයක තෝරාගත් මිනිසුන් පිරිසක්‌ එම ආරක්‍ෂිත නෞකාවන් තුළ රැඳවීම මගින් ලෝක විනාශයෙන් පසු පෘථිවියෙන් මනුෂ්‍ය වර්ගයා ගේ වඳ වීම වළක්‌වා ගැනීමයි. ඉන්පසු චිත්‍රපටයේ කතාව ගලා යැමේ දී විවිධ වූ පරිගණක තාක්‌ෂණික හරඹ මගින් ලෝක විනාශය නිර්මාණය කොට ප්‍රේක්‌ෂකයා හට ඒ පිළිබඳ ප්‍රබල හැඟීමක්‌ ඇති කරවන ආකාරය දක්‌නට ලැබේ.

අවසානයේ දී ආක්‌ නම් ආරක්‍ෂිත නාවික යාත්‍රාවන්ට ගොඩ වන පිරිස පමණක්‌ ලෝක විනාශයෙන් පසු දිවි ගලවා ගන්නා ආකාරය චිත්‍රපට කථාවේ දක්‌නට ලැබේ. චිත්‍රපටයේ අවසාන භාගයේ දී දිවි ගලවා ගැනීම සඳහා ආරක්‍ෂිත නාවික යාත්‍රාවන්ට ගොඩ වීමේ දී ඇති වන විශාල තදබදය සහ එකිනෙකා පරයා යාත්‍රාවන්ට ගොඩ වීමේ දී ඇති වන කලහකාරීත්වය මැඩපැවැත්වීමේ දී පමණක්‌ මනුෂ්‍ය ගුණාංග ගැන යම් තරමක කතිතාවතක්‌ අන්තර්ගත වී ඇත.

අප ගේ අවබෝධයේ සැටියට නම් 2012 චිත්‍රපට කතාන්දරය කිසිසේත් ම අලුත් නිර්මාණයක්‌ නො වේ. මෙය බයිබලයේ පරණ තෙස්‌තමේන්තුවේ අඩංගු නෝවා ගේ කතාවේ (Noah's Story) අන්තර්ගතයේ ප්‍රතිනිර්මාණයකි. බයිබලයට අනුව දෙවියන් විසින් ලෝකය නිර්මාණය කිරීමෙන් කලකට පසු ලෝක විනාශයක්‌ සිදු කරනු ලැබේ. එනම් දෙවියන් සහ මිනිසුන් අතර ගිවිසුමක්‌ පවතින අතර මිනිසුන් විසින් අදාළ ගිවිසුම කඩනු ලැබූ විට දෙවියන් විසින් ලෝක විනාශයක්‌ සිදු කිරීම මගින් දේව කැමැත්තට අනුව ලෝකය යාවත්කාලීන කරනු ලැබේ. පරණ තෙස්‌තමේන්තුවේ දැක්‌වෙන නෝවා ගේ කතාව ද එවැනි ලෝක විනාශයක්‌ පිළිබඳ අවස්‌ථාවකි.

නෝවා යනු දෙවියන් විසින් තෝරාගනු ලබන පුද්ගලයෙකි. එම කතාවට අනුව දෙවියන් ලෝක විනාශයට පෙර, ගුණ යහපත් පුද්ගලයකු වූ නෝවාට ගොඩබිම මැද විශාල නැවක්‌ තනන ලෙස උපදෙස්‌ ලබා දෙයි. තව ද එම නැව නෝවා ගේ ගුණයහපත් පවුලට සිටීමට සහ ලොව සැම සත්ත්ව වර්ගයකින් ම ජෝඩුව බැගින් තැන්පත් කිරීමට ඉඩකඩ සහිතව ඉදි කරන ලෙස දෙවියන් ගෙන් ඔහුට උපදෙස්‌ ලැබේ. ඒ අනුව වැඩ කටයුතු අරඹන නෝවා, ජලය නොමැති ගොඩබිම් මධ්‍යයක විශාල නැවක්‌ තැනීම ගැන සෙසු මිනිසුන් ගේ උපහාසයට ද ලක්‌ වීමට පවා සිදු වුව ද ඔහු ඉවසීමෙන් තම කාර්යය කරගෙන යයි.

මෙලෙස ඔහු විසින් ආක්‌ (ARK) නැමති විශාල නැවක්‌ තනා ලොව සැම සත්ත්ව වර්ගයකින් ම ජෝඩුව බැගින් එහි තැන්පත් කරනු ලැබේ. අවසානයේ නෝවා ගේ පවුලට සහ නැවේ තැන්පත් කළ සත්ත්ව ජෝඩුවලට පමණක්‌, දෙවියන් විසින් සමස්‌ත පෘථිවිය ම යට වන පරිදි වස්‌සවන ලද මහා වර්ෂාවෙන් දිවි ගලවා ගැනීමට ඉඩ සැලසේ. ඉන් දින ගණනාවකට පසු ජලය බැස යැමෙන් පසු නෝවා ගේ ගුණයහපත් පවුලෙන් නැවත යහපත් මිනිස්‌ පරම්පරාවක්‌ ආරම්භ වේ. තව ද ආරක්‍ෂිතව දිවි ගලවා ගත් සත්ත්ව යුගලයන් ගෙන් ද අලුත් සත්ත්ව පරම්පරාවක්‌ මෙලොව ඇති වේ.

2012 චිත්‍රපට කතාවේ හරය නෝවා ගේ කතාවේ හරයට බෙහෙවින් ම සමාන බව පෙනේ. එනම් කතා දෙකේ ම ලෝක විනාශයක්‌ ගැන සඳහන් වේ. තව ද කතා දෙකෙහි ම නාවික යාත්‍රාවන් සහ ඒවාට තෝරාගත් මිනිසුන් පැටවීමක්‌ ගැන සඳහන් වෙයි. එපමණක්‌ නො ව චිත්‍රපටයේ මෙන්ම නෝවා ගේ කතාවේ ද එම ආරක්‍ෂිත නෞකා හඳුන්වා ඇත්තේ "ආක්‌" යන එක ම නමකිනි. බටහිර විද්‍යා ප්‍රබන්ධ, චිත්‍රපට සහ සෙසු කලා කෘතීන්හි ඔවුන් ගේ ආගමික කාරණා අන්තර්ගත නැති බවට තර්ක ඉදිරිපත් කරන ඇතැම් පිරිස්‌වලට 2012 චිත්‍රපටය සහ බයිබලයේ පරණ තෙස්‌තමේන්තුවේ සඳහන් වන නෝවා ගේ කතාව අතර සමීප සම්බන්ධය හඳුනාගැනීම වැදගත් විය හැකි ය.

මෙහි දී අප හඳුනාගත යුතු කාරණය වන්නේ බටහිර විද්‍යාව හෝ බටහිර කලාව හෝ අනාගමික නො වන බවයි. මෙහි දී ලෝක විනාශයන් ගැන අප ගේ බෞද්ධ සූත්‍රයන්හි සහ ග්‍රන්ථයන්හි කරුණු ඉදිරිපත් කොට ඇති අවස්‌ථාවන් තිබේ දැයි සලකා බැලීම ද වැදගත් විය හැකි ය. එවැනි කාරණා කිහිපයක්‌ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, බ්‍රහ්මජාල සූත්‍රය සහ අනාගත වංශය ඇසුරින් අපට ඉදිරිපත් කළ හැකි ය.

සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ දැක්‌වෙන පරිදි ඉදිරි කාලයේ දී ක්‍රමයෙන් සූර්යයන් හතක්‌ පායන අතර අනුපිළිවෙළින් මෙලොව ජලයෙන්, ගින්නෙන් සහ වායුවෙන් විනාශ වේ. මෙහි දී විනාශ වන්නේ මනුෂ්‍ය ලෝකය පමණක්‌ නො වන අතර එය ආශ්‍රිත දිව්‍ය ලෝක සහ ඇතැම් රූපාචචර බ්‍රහ්ම ලෝකයන් කිහිපයක්‌ ද විනාශ වෙයි. එනමුත් රූපාචචර බ්‍රහ්ම ලෝක කිsහිපයක්‌ හා අරූපාචර බ්‍රහ්ම ලෝක විනාශ නො වෙයි. ලෝක විනාශය ළං වන කාලය වන විට මිනිසුන් ඉතා ම බහුල වශයෙන් සමාධි භාවනා වඩා ඉන් ධ්‍යාන උපදවාගෙන මරණින් මතු ලෝක විනාශය බල නො පාන ආභස්‌සර නම් බ්‍රහ්ම ලෝකයක නැවත උපදින බව සඳහන් වේ. එසේ ධ්‍යාන වැඩීමට අසමත් වන සුළු පිරිස සහ සත්ත්වයන් ලෝක විනාශයේ දී මරණින් මතු සූර්යයන් සහිත වෙනත් ලෝක ධාතූන්හි උපත ලබන බව ද සඳහන් වේ.

ලෝක විනාශයෙන් පසු නැවත ලෝකය සහ මනුෂ්‍ය ජීවය ඇති වන ආකාරය අග්ගඤ්ඤ සූත්‍රයේ මනාව විස්‌තර සහිතව දැක්‌වේ. එනම් ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් චුත ව මුලින් ම මෙලොව උපදින මනුෂ්‍යයන්, අහසින් පා වී ගමන් යන, සියුම් හා එකිනෙකාට සමාන ශරීර සහිත දිර්ඝ ආයුෂ ඇත්තවුන් බව ද දැක්‌වේ. එමෙන්ම එම මුල් මිනිසා ගේ ගැහැනු පිරිමි වශයෙන් ලිංග භේදයක්‌ ද දක්‌නට නො ලැබෙන අතර ඔවුහු ඕපපාතිකව (මවු කුසින් හෝ බිත්තරයකින් හෝ නූපදීමෙන්) උත්පත්තිය ලද හ. එම සියුම් ශරීර සහිත වූ මුල් ම මිනිස්‌සු ආම රසය නම් මිහි මත වූ රසවත් යමක්‌ ආහාරයට ගැනීමෙන් රළු ශරීර ඇත්තන් බවට ක්‍රමයෙන් පත් වෙති.

පසුකාලීනව ඔවුහු ධාන්‍ය ආදිය අනුභව කොට තවදුරටත් රළු ශරීර ඇත්තන් බවට පත් වන අතර ලිංග භේදය ද පහළ වේ. ඉන්පසුව ක්‍රමානුකූලව විවිධ කරුණු නිසා මිනිසුන් ගේ ආයුෂ පිරිහීම, දුරාචාරය ඇති වීම සහ ආරවුල් විසඳා ගැනීම සඳහා සම්මතයෙන් පාලකයන් පත් කර ගැනීම ද අග්ගඤ්ඤ සූත්‍රයේ දක්‌වා ඇත. තව ද බ්‍රහ්මජාල සූත්‍රයේ දී ද බ්‍රහ්ම සංකල්පය බිහි වූ ආකාරය අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් කරුණු අනුව යමින් තවදුරටත් පෙන්වා දී ඇති බව ද හඳුනාගත හැකි ය.

බෞද්ධයන් අතර ප්‍රචලිත අනාගත වංශය ග්‍රන්ථයේ සාමාන්‍ය මනුෂ්‍ය ආයුෂ ප්‍රමාණය දුරාචාරය නිසා ක්‍රමයෙන් වර්ෂ 10ක්‌ දක්‌වා අඩු වී ඉන්පසු නැවතත් යහපත් මනුෂ්‍ය කල්ක්‍රියාව නිසා අයුෂ උපරිම වශයෙන් වර්ෂ අසංඛ්‍යයක්‌ වැනි අති විශාල කාලයක්‌ දක්‌වා ක්‍රමයෙන් වැඩි වන බව දක්‌වා ඇත. අනතුරුව නැවතත් විවිධ පරිපාලන දුර්වලතා සහ දුරාචාරයන් නිසා ආයුෂ පිරිහීම ඇරඹී මනුෂ්‍යායුෂ වසර 80000ක්‌ වන කල්හි කේතුමතී නම් සශ්‍රීක නුවරක මේ මහා භද්‍රකල්පයේ පහළ වන අවසාන බුදුරජාණන්වහන්සේ වන මෛත්‍රී බුදුන් පහළ වන බව අනාගත වංශයේ දැක්‌වේ.

මහා භද්‍රකල්පය යනු ලෝක විනාශයට අදාළ තවත් වැදගත් බෞද්ධ සංකල්පයකි. කල්පයක්‌ යනු ඉහත සූර්යෝද්ගමන සූත්‍රයේ සහ අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්‌වූ පරිදි ලෝක විනාශයෙන් පසු නැවත වාරයක්‌ ලෝකය බිහි වීමෙන් පසු, ඊළඟ විනාශයට පෙර ලෝකය සජීවී ව පවතින අතරමැද කාලයයි. එම කාලය තුළ බුදුවරුන් පහළ වන්නේ නම් එම කල්පය භද්‍ර කල්පයක්‌ ලෙස හැඳින්වේ. භද්‍රකල්පය තුළ උපරිම වශයෙන් පහළ වීමට ඉඩ ඇත්තේ බුදුවරුන් පස්‌ නමක්‌ පමණි. එලෙස උපරිම වශයෙන් එනම් බුදුවරුන් පස්‌ නමක්‌ පහළ වන කල්පයක්‌, මහා භද්‍රකල්පයක්‌ ලෙස හැඳින්වේ. අප ජීවත් වන්නේ මහා භද්‍රකල්පයක වන අතර දැනට මෙලොව කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම බුදුන් වහන්සේලා සතර නම පහළ වී ඇත. අනාගතයේ මෛත්‍රී බුදුන් මෙලොව පහළ වීමෙන් පසු කාලයා ගේ ඇවෑමෙන් ලෝක විනාශයක්‌ සිදු වන බවට ඉඟියක්‌ බෞද්ධ පොත පත ඇසුරින් අපට ද ලබාගත හැකි ය.

මේ විශ්වාසය මෙරට ආදි බෞද්ධයන් අතර ද තිබූ බවට සාක්‌ෂියක්‌ ලෙස රුවන්වැලි සෑ මළු විහාරයේ අතීතයේ ඉදි කොට ඇත්තා වූ දැනටත් පැහැදිලිව දැකගන්නට ඇති කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම බුදුන් වහන්සේලා සතර නම ගේ සහ මෛත්‍රී බෝසතුන් ගේ කිරිගරුඩ පිළිම ගැන සඳහන් කළ හැකි ය. පැරැන්නන් එම පිළිම ඉදි කළ විශේෂ හේතුව ලෙස වියතුන් දක්‌වා සිටින්නේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම යන බුදුවරුන් වහන්සේලා සිව් නම ම රුවන්වැලි සෑ භූමියට වැඩම කොට නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි බැවින් එය පූජනීය බිමක්‌ වන බවත්, අනාගතයේ මෛත්‍රී බුදුන් ද එහි වැඩම කොට නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩහිඳින බවයි.

මෙහි දී වැදගත් ම කාරණය වන්නේ අපට අට විසි (28) බුද්ධ සංකල්පයක්‌ තිබිය දී කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී බුදුන් වහන්සේ ලා පස්‌ නම පමණක්‌ විශේෂයෙන් රුවන්වැලි සෑ මළුවේ කිරිගරුඬ ගලින් අඹා තිබීමයි. මෙහි දී අපට සඳහන් කළ හැක්‌කේ මේ මහා භද්‍රකල්පයට අයත් බුදුරජාණන් වහන්සේලා පස්‌ නම පමණක්‌ පැරැන්නන් විසින් රුවන්වැලි සෑ මළුවේ අඹනු ලැබීමට විශේෂ හේතුවක්‌ ඇති බවයි. කකුසඳ බුදුන්ට පෙර ලෝක විනාශයක්‌ සිදු වූ බැවින් උන්වහන්සේට පෙර බුදුන්වහස්‌සේලාට මෙන්ම, මෛත්‍රී බුදුන් ගෙන් පසු නැවත ලෝක විනාශයක්‌ සිදු වන බැවින් උන්වහන්සේට පසුව බුදු බව ලබන බුදුන්වහන්සේලාට ද දැනට පවතින රුවන්වැලි සෑ මළුවට වැඩම කොට නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටීමට අවස්‌ථාව නො ලැබෙන බව ද අපට පහසුවෙන් අවබෝධ කරගත හැකි ය. එනම් රුවන්වැලි සෑ භූමිය ද මේ ලෝකය ප්‍රතිනිර්මාණය වීමත් සමග ආරම්භ වූවක්‌ වන අතර මෛත්‍රී බුදුන් පහළ වීමෙන් පසුව සිදු වන ලෝක විනාශයත් සමග එම භූමිය ද විනාශ වන බව ද අපට වටහාගත හැකි ය.

මෛත්‍රී බුදුන් තවමත් පහළ වී නොමැති බැවින් අපට නම් නුදුරු අනාගතයේ සිදු වන ලෝක විනාශයක්‌ පිළිබඳ අනාවැකිය අලුත් ම කාරණයකි. මේ අනුව මෙරට සිංහල බෞද්ධයන් අතර ලෝක විනාශය පිළිබඳ අප ගේ ම බෞද්ධ ආකල්ප තිබූ බව ද 2012 දී ලෝක විනාශයක්‌ සිදු වන බව දැනට අපට පිළිගත හැකි කාරණයක්‌ නො වන බව ද සඳහන් කළ යුතු ය.

පරිගණක ජාල විශේෂඥ
ඉන්දික ප්‍රසාද් කුමාර

උපුට ගැනීම 31 මාර්තු 2010 විදුසර

Can't read my posts?

ඔබත් 2012 ලෝක විනාශය පිලිබදව උනන්දුද?

ඔබත් මේ පිලිබදව උනන්දු නම් මෙන්න ඔබටත් අවස්ථාවක් ඔබ ළගත් 2012 ලෝක විනාශය පිලිබදව ලිපි තිබෙනම් ඔබෙ ලිපි මෙම බ්ලොග් අඩවියෙ පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ කරගෙන යන්න පුලුවන්.(ඔයාලට කැමති ලිපි ගනනක් දාන්න පුලුවන්,මසෙට එකක් දැම්මත් කමක් නෑ)

මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් මාව සම්බන්ද කරගන්න.
api2012di@gmail.com

නිත‍ර යන එන සෙට් එක

සිංග්‍රීසි ඒසැනින් පරිවර්තකය

අමුත්තෝ ගනන

free counters

Colombo Ride 3D

"