2012 දි ලෝක විනාශය වෙයිද?(end of the world 2012?)

ලෝක විනශය(2012 end of the world)පිලිබදව විවිධ පුවත්පත්වල බ්ලොග් අඩවි වල තිබෙන තොරතුරු එකම බ්ලොග් අඩවියකින් දැන ගැනීමට ඔබත් අදම පිවිසින්න api2012di.blogspot.com අපි2012දි.බ්ලොග්ස්පොට්.කොම්

Google Search

මේ පිළිබඳ සොයා බැලීමේදී 2012 වසරේ සිදුවන මහා විනාශයන් පිළිබඳ මයාවරුන්ගේ දින දර්ශනය අවසන් වන 2012 වසරේ පෘථිවිය මත මහා විනාශයක්‌ සිදුවන බවට අනාවැකි පළකර ඇති මහා දාර්ශනිකයෙක්‌ ලෙස නොස්‌ට්‍රාඩාමුස්‌ හඳුනාගත හැකිය. ප්‍රංශයේ ශාන්ත රෙමි හිදී 1503 දෙසැම්බර් 14 වනදා උපත ලද හේ අනාගතයේ ලොව සිදුවන වැදගත් සිදුවීම් ගැන අනාවැකි පළ කළ අතර ඒවා බොහොමයක්‌ සත්‍ය ලෙසම සිදුවිය. පළවන ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය, කොසෝවො අර්බුදය හා සැප්තැම්බර් 11 වනදා සිදුවූ නිව්යෝර්ක්‌ ප්‍රහාරය ගැනද ඔහු ඊට සියවස්‌ ගණනකට පෙර අනාවැකි පළ කළේය. 2012 වසරේ දී පෘථිවිය මත ගැටෙන ග්‍රාහකයක්‌ හේතුවෙන් ලෝකය මහා ව්‍යවුලකට පත්වී ඒ හේතුවෙන් තෙවන ලෝක යුද්ධය ආරම්භ වන බවට ඔහුගේ අනාවැකියකින් ප්‍රකාශ වේ. මෙම අනාවැකිය පදනම් කර ගනිමින් ඇතමුන් තුළ පෘථිවිය සමග ගැටෙන මේ ග්‍රාහකයා සුමේරියානු ශිෂ්ටාචාරයේ එන "තිබුරු" නම් ග්‍රහලෝකය බව විශ්වාසයක්‌ ඇතිව තිබේ. වෙනත් සෞරග්‍රහ මණ්‌ඩලයක සිට පැමිණෙන මෙම ග්‍රහලෝකය වසර 3600 කට වරක්‌ පෘථිවිය අසලින් ගමන් කරන අතර එහිදී පෘථිවිය සමග ගැටී හෝ පෘථිවිය ආසන්නයෙන් ඇදී යැම නිසා ඇතිවන ගුරුත්වාකර්ෂණයි. පෘථිවිය විනාශ වී යැමට හේතුවන බව ඔවුන්ගේa අදහසයි. නමුත් මේ ග්‍රහලෝකය පිළිබඳ සංකල්පය නූතන විද්‍යාඥයන් විසින් බැහැර කර තිබීමද සැලකිය යුත්තකි. අභ්‍යවකාශය නිරීක්‌ෂණයේ යෙදී සිටින ලොව කිසිදු රටක විද්‍යාඥයකුට හෝ ඔවුන්ගේ දුරේක්‌ෂවලට එවැනි ග්‍රහලොවක්‌ මෙතෙක්‌ හමුවී නොතිබීම අප කාගේත් අස්‌වැසිල්ලට හේතුවකි.

0 අදහස්:

Post a Comment

Can't read my posts?

ඔබත් 2012 ලෝක විනාශය පිලිබදව උනන්දුද?

ඔබත් මේ පිලිබදව උනන්දු නම් මෙන්න ඔබටත් අවස්ථාවක් ඔබ ළගත් 2012 ලෝක විනාශය පිලිබදව ලිපි තිබෙනම් ඔබෙ ලිපි මෙම බ්ලොග් අඩවියෙ පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ කරගෙන යන්න පුලුවන්.(ඔයාලට කැමති ලිපි ගනනක් දාන්න පුලුවන්,මසෙට එකක් දැම්මත් කමක් නෑ)

මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් මාව සම්බන්ද කරගන්න.
api2012di@gmail.com

නිත‍ර යන එන සෙට් එක

සිංග්‍රීසි ඒසැනින් පරිවර්තකය

අමුත්තෝ ගනන

free counters

Colombo Ride 3D

"