ලෝක විනාශය 2012 දෙසැම්බර් 21 දා
මේ දිනවල බොහෝ දෙනකු තුළ පවතින සැකමුසු ගැටලුව නම් 2010න් පසු ජීවත්වීමට ඉඩක් ලැබේද යන්නයි. මා ස්ථිරවම එයට දෙන පිළිතුර නම් පෙරටත් වඩා හොඳින් ජීවත්වීමට ඉඩ ලැබේ යන්නයි. මා එසේ කියන්නේ ඇයි දැයි මේ ලිපියේ අවසානයේ දැක්වීමට බලාපොරොත්තු වෙමි.
මේ දිනවල වේගයෙන් පැතිර යන ලෝක විනාශය පිළිබඳ අදහස් ඇතිවී තිබෙන්නේ මායාවරුන්ගේ සුප්‍රසිද්ධ කැලැන්ඩරය නොහොත් දින දර්ශනය නිසාය.
මායාවරුන්ගේ ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 2000 සිට ක්‍රි.වර්ෂ 2050 දක්වා කාලය තුළ මධ්‍යම ඇමෙරිකාවේ දකුණු මෙක්සිකෝවේ වියාපාස් ප්‍රාන්තයේ යුක්ටානා අර්ධද්වීපයේ සිට ගෝතමාලාවේ බටහිර හොන්ඩුරාස් ප්‍රදේශය දක්වා පැතිරී තිබුණි.
නවීන විද්‍යාව පිළිබඳ පෘථුල අවබෝධයක් තිබූ ඔවුනට තාරකා විද්‍යාව පිළිබඳ අසීමිත අවබෝධයක් තිබුණි. එදිනෙදා ජීවිතයත් පරිසරයත් ග්‍රහ තාරකාත් අතර සුවිශේෂී සම්බන්ධතාවයක් ඇති බව ඔවුන්ගේ මූලික අදහසකි.
ජෝතීර් විද්‍යාව, ශබ්ද විද්‍යාව හා අංක විද්‍යාව ඔවුන් විසින් හදාරා වර්ධනය කර පර්යේෂණය කර දියුණු කර තිබේ.
ලෝකයේ පවතින දින දර්ශන අතරින් මායාවරුන්ගේ දින දර්ශනයට ලැබෙන්නේ අති විශේෂ වූ ස්ථානයකි. මූලික වශයෙන් ඔවුන් දින දර්ශන දෙවර්ගයක් නිපදවා ඇති බව දැනට ප්‍රත්‍යක්ෂ වන කරුණකි. එක වසරකට දින 365ක් වූ අතර එය වර්තමාන ජෝර්ජියා දින දර්ශනයට සමානය. ආගමික උත්සව හා බැඳුණු දින 260ක දින දර්ශනයක් ද, ඔවුන් සතු විය.
මේ අතර ක්‍රි.පූ.3144 අගෝස්තු 01 වැනිදා සිට ක්‍රි.වර්ෂ 2012 දෙසැම්බර් 21 දක්වා සැකසුණු විශ්වයේ දින දර්ශනයක් ද ඔවුන් නිපදවා තිබුණි. අප දැන් බයට පත්ව ඇත්තේ මේ දින දර්ශනය නිසාය. මෙය පෘථිවියත් සූර්යයා සමඟ විශ්වයක් අතර එම කාලය තුළදී ඇති වන වෙනස්කම් ඔවුන් අධ්‍යයනය කිරීමෙන් තනන ලද කැලැන්ඩරයකි.
වසර 5125 කින් යුතු අවධි 5ක් පසුකර 2012 දෙසැම්බර් 21 වන දින ලෝකය එහෙමපිටින්ම වෙනස් වන බව ඔවුන්ගේ මතයයි. පෘථිවි තලයේ පරිසරය හා ජීවීන් එදිනට මුළුමනින්ම විනාශ වී අලුත් ලොවක් ඇතිවන්නේ යැයි නියතය.
හින්දු ආගම දක්වන ලෙස ද අප ගතකරමින් සිටින අවධිය කලියුගය බවත් කලියුගය අවසානයේ යුගාන්තය නොහොත් යුගයේ අවසානය සිදු වන බවත් වේදග්‍රන්ථවල දැක්වේ.
මායාවරුන් ප්‍රකාශ කරන්නේ 2012 දෙසැම්බර් 21 වැනි දින සූර්යයාත් පෘථිවියත් ක්ෂීරපතයේ කේන්ද්‍රයත් එකම සරල රේඛාවක පිහිටන බවයි. එවිට පෘථිවියේ චුම්භක උතුරු දකුණු රේඛාව අංශක 180කින් භ්‍රමණය වන්නේ යයි මායාවරුන් දක්වන අදහසයි. ඊළඟ මතය අනුව උතුරු ඇමෙරිකාවේ යෙලෝ ස්ටෝන් තැනිතලාවේ තිබෙන අක්‍රිය වූ ලොව විශාලතම ගිනිකන්ද එකවරම ක්‍රියාත්මක වී ඇමෙරිකාව විනාශ කරන බවයි.
මායාවරුනගේ තවත් අදහසක් වන්නේ එදිනට මිනිසුන්ගේ ආධ්‍යාත්මික විප්ලවයක් වන බවයි. ශ්‍රී ලංකාවේ ජීවත්වන විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරයකු වූ වෛද්‍ය ගුණසීල ජයලත් මහතා ප්‍රකාශ කරන්නේ වසර ගණනාවක් තිස්සේ නොකඩවාම විශාල වශයෙන් භූගතව තිබූ ඛනිජ තෙල් හා ගෑස් පිටතට ඇදගැනීම නිසා ඇතිවන රික්තය නොහොත් විශාල කුහරවල ඇතිවන හිස් බව තුලනය කිරීම සඳහා භූගතව ලාවා තට්ටුවේ පවතින ලාවාස්ථරය එම හිස් වූ ස්ථාන තුළටත් ඉන් පිටතටත් ගලා එන බවයි. මේ නිසා ඈත රටවල් කිහිපයක ඇතිවී තිබෙන භූ චලන භූමිකම්පා හා ගිලාබැසීම් නිසා මෙම ලාවා ස්ථරය පෙළොව මතුපිටට ගලා ඒමෙන් ලෝකයේ ලොකුම විනාශය ඉක්මනින් ඇතිවිය හැකි බවය.
එවැන්නක් සිදුවුවහොත් ලාවා ස්ථරය පොළොව මතට පැමිණ පරිසරය පක්ෂීන් හා මනුෂ්‍යයින් ඇතුළු ජීවීන් දවා හළුකරන බවත් එම ලාවා ස්ථරය ඝනීභාවයට (නිවීමට) පත්වී ලෝකය යළි ඇතිවීමට දිගුකාලයක් ගත විය හැකි බවය.
එහෙත් එවැන්නක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැතැයි මා තර්ක කරන්නේ පහතින් සඳහන් කරන පරිදි එම දිනයේ ඇති ග්‍රහ තත්ත්වය අනුවයි.
මේ අනුව පව්කාරයන්ව ලෝදියවල ඔතා අපායට ගෙන යන අතර පින්වතුන් දෙවියන් විසින් රකිනු ඇත.
එදින මෙම ග්‍රහ තත්ත්වය ලංකාවට බලපාන අයුරු මෙසේ දැක්විය හැකිය. තුන්වැන්නේ කේතුගේ හා ගුරු ග්‍රහයා ද නවවැන්නේ සෙනසුරු ග්‍රහයා ද දහවැන්නේ බුධ, ශුක්‍ර හා රාහු යන ග්‍රහයන් ද 11 වැන්නේ රවි හා ප්ලූටෝ ද, 12 වැන්නේ අඟහරු ද සිටී.
මෙම ග්‍රහ තත්ත්වය අනුව ආධ්‍යාත්මික විප්ලවයක් මිස කිසිදා භෞතික විනාශයක් ලංකාවට හා අනෙක් රටවලට සිදු නොවේ.
උපුටා ගනීම 2010/03/21 ඉරිදා සිළුමිණ


6 අදහස්:
ලොකේ කොහොම උනත් ලංකාව නම් ඔය කලේ වෙනකොට විනශ වෙලා තියෙයි..!! :-)
ඊයේ රෑ ITN එකේ මේ ගැන කිව්වා
ඔය 2012 කර උඩ තියාගෙන ඕවට තවත් ප්‍රසිද්ධිය දෙන්න එපා. ඕව ක්‍රිස්තියානි කාරයන්ගෙ බයිබලේ ඇත්ත කියන්න මවාපු විගඩං.
බලන්න
http://maasitha.blogspot.com/2010/04/2012.html
NASA අයතනයේන් කියලා තිබ්බා 2012 දි ප්‍රථවියේ ග්‍රහකයක් හැපෙන බව
කුම්භකර්ණයා - මෙ ගැන තියෙන්නෙ බයිබලෙ විථරක් නෙමේයි ඉස්සල්ලා මේ බ්ලොග් 1 කියවල බලන්න
Post a Comment