2012 දි ලෝක විනාශය වෙයිද?(end of the world 2012?)

ලෝක විනශය(2012 end of the world)පිලිබදව විවිධ පුවත්පත්වල බ්ලොග් අඩවි වල තිබෙන තොරතුරු එකම බ්ලොග් අඩවියකින් දැන ගැනීමට ඔබත් අදම පිවිසින්න api2012di.blogspot.com අපි2012දි.බ්ලොග්ස්පොට්.කොම්

Google Search

ත්‍රාසය, භීතිය, කුතුහලය හා සන්ත්‍රාසය කුළු ගන්වමින් 21.12.2012 චිත්‍රපටය දැන් ලොව පුරා ප්‍රදර්ශනය වේ. බෙන්හර් චිත්‍රපටයේ අවසාන අශ්ව කරත්ත ධාවන තරගය දර්ශනයෙන් ඇරඹී රම්බෝ ටයිටැනික්‌ හරහා දැන් 21. 12. 2012 දක්‌වාම පැමිණ ඇති මෙවන් චිත්‍රපට වලින් කියෑවෙන සත්‍යයක්‌ තිබේ. ඒ අපට භීතිය ගෙන දෙන එහෙත් අපව කුළුගන්වන ඇඟ කිළිපොලා යන දර්ශන ඇතුළත් චිත්‍රපට වලට ඇති ඉල්ලුම වැඩි බවය.

මහා බැරූරුම් ගැඹුරු ඊනියා අර්ථාන්විත චිත්‍රපට නිපදවීමට දේශනා කරන ඇමරිකාව තම රටේත් ඉන් පරිබාහිරවත් වෙසෙන මිනිසුන්ට විනෝදය ගෙන දීමේ කර්මාන්තයේ හොඳින් නියෑළේ.

ඇමැරිකාවේ ප්‍රධානතම කර්මාන්තවලින් එකකි චිත්‍රපට කර්මාන්තය. එය තම චිත්‍රපට සාර්ථක කර ගැනීම උදෙසා විවිධ උපාය, උපක්‍රම, ප්‍රයෝග භාවිත කරති.

කර්මාන්තය ශාස්‌ත්‍රය වශයෙනුත්, දෙවනුව කියූ උපාය, උපක්‍රම, ප්‍රයෝග සූත්තරය වශයෙනුත් හැඳින්වූවාට වරදක්‌ නැත. චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක කර ගැනීමට ශාස්‌ත්‍රයට වඩා සූත්තරය යොදවා ගෙන ඇති බව පෙනේ.

ශාස්‌ත්‍රයට වඩා සූත්තරය, යෑයි අපේ ගැමියෝ ප්‍රකාශ කළේ මෙයටයි.

මේ චිත්‍රපටය පිළිබඳව අද කතා නොකරන කෙනෙක්‌ නොමැත.

මායාවරුන්ගේ දින දර්ශනය, පෘථිවියේ ධ්‍රැවය වෙනස්‌වීම, ඉරු, පෘථිවිය හා ක්‍ෂිතිජය එකම රේඛාවකට පැමිණීම මෙහි මුල් තැන්හිලා සැලකිය හැකිය. පසුගිය දිනවල ඇමරිකාවේ ආර්ථික අවපාතය පිළිබඳව හැමෝම කතා කළා මතකය. එහෙත්, එවන් දෙයක්‌ සිදුවිණි දැයි කතා කළ අයටවත් දැන් මතක නැත. 21.12. 2012 වන විටද සිදුවන්නේ මෙයමය.

බයිබලයේ නෝවා නෞකාවෙන් චිත්‍රපටය නිමාවට පත්වීම ගැන කිසිවෙක්‌ කතා නොකරති.

මෙවන් චිත්‍රපට ගැන කතා කිරීම නිෂ්ඵල දෙයකි. රටට දැයට සෙතක්‌ වන දෑ වෙනුවෙන් ඉතිරි කර ගත යුතු, වැය කළ යුතු කාලය බෝහෝය. අප සතුව තිබූ දැනුම, ශිල්ප ශාස්‌ත්‍ර විවිධ බලවේග මගින් අභාවයට පත්කරවමින් තිබේ. එම ශාස්‌ත්‍රවල ප්‍රබලත්වය දන්නෝ දනිති. ඒවා නිස්‌සරණාධ්‍යාසයෙන් රැකගෙන බෝධිසත්ත්ව ගුණෝපෙතයෙන් ලොවට සෙත සලසන අය අපි දැක ඇත්තෙමු.

ජ්‍යෙdතිෂ්‍ය (ජ්‍යෙdතිෂ්‍ය යන්නෙහි ජ්‍යෙdතීර් ගණිතය ද ඇතුළත් වේ) සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ගසට පොත්ත මෙන් බැඳී පවතින්නකි. සිංහල අවුරුද්ද, සිංහල විවාහ චාරිත්‍ර, මල්වර උත්සවය අපව අනෙක්‌ සංස්‌කෘතීන්ගෙන් පැහැදිලි ලෙසම වෙන්කොට ලෝකයාට හඳුන්වා දෙයි.

දරු උත්පත්තිය, ඉඳුල් කට ගෑම, කන විදීම, අකුරු කියවීම, ගොවිතැන, අලුත් අවුරුදු උදාව, නව සඳ බැලීම, නැකතට ගනුදෙනු කිරීම, අලුත් හා පරණ අවුරුද්දට ස්‌නානය, ළිං කැපීම, නිවාස තැනීම, ගෙයි උළුවහු තැබීම ඇතුළු වාස්‌තු විද්‍යාව, දරුවන් මහණ කිරීම, පොහොය කිරීම, විදුම් පිළිස්‌සුම් වෙදකම ඇතුළු සිංහල වෙදකම යනාදී මෙකී නොකී සියලුම තැන්හි ජ්‍යෙතිෂ්‍ය ප්‍රබල ස්‌ථානයක්‌ උසුලයි.

ජ්‍යෙdතිෂ්‍ය, වාස්‌තු විද්‍යාව, වෙදකම සමග සංස්‌කෘත භාෂාවත් බුද්ධ ධර්මය සමග පාලිත් එකට බැඳී පවතී.

ජ්‍යෙdතිෂ්‍ය තරම් මෑත භාගයේදී විකෘති වූ වෙනත් විෂයක්‌ නැති තරම්ය. විශේෂයෙන් බටහිර ඊනියා විද්‍යාත්මක වඩා නිවැරැදි යෑයි කියනු ලබන ඇමරිකානු ඒෂිමරිය මත සකස්‌ කරනු ලබන ලිත් මගින් මේ විෂය දූෂිත වී ගොස්‌ය.

පිරිවෙන් අධ්‍යාපනය නැති වී ගොස්‌ය. නොමිලේ දෙන බටහිර අධ්‍යාපනය මගින් සිංහලයා සතුව තිබූ ලොවම පාලනය කළ හැකි ලොවම විශ්මයට පත් කරන දැනුම අමතක කරවා ඇත.

සිංහලයන්ට තමන්ගේ අමතක වූ දෙය මතක්‌ කර දීම සඳහා මෙම චිත්‍රපටය යොදවා ගත හැක. අපේ විස්‌මිත පැරැණ්‌නන්ගේ දැනුමත් බටහිර මේ විෂ්‍යය පිළිබඳ දැනුමත් සැසඳීම හා අභියෝගයට ලක්‌ කිරීම මේ ලිපියේ අරමුණයි.

ප්ලූටෝ නේප්චුන්, යුරේනස්‌ වැනි ග්‍රහයන් අභියෝගයට ලක්‌කළ කොණ්‌ඩය බැඳී, බුලත්විට හැපූ, ගමේ ගොඩේ විසූ අපේ පාරම්පරික දෛවඥයන් ගමන් ගත් මඟ ගැනීමයි ඒ.

මධ්‍යම ඇමැරිකාවේ දකුණු මෙක්‌සිකෝවේ සිට ගෝතමාලා බටහිර හොන්ඩ්‍රයිරාස්‌ දක්‌වා පැතිර තිබුණේ යෑයි කියන මායා ශිෂ්ටාචාරයේ දින දර්ශනයේ අවසන් දිනය ගෙන චිත්‍රපටය නම් කොට ඇතැයි පැවසේ.

පළමුව මේ දිනය පිළිබඳ සිංහලයන් සතුව පැවති දැනුම විමසමු.

බටහිර දින දර්ශනයට අනුව දළ වශයෙන් මාර්තු 21 ජුනි 21 සැප්තැම්බර් 21 දෙසැම්බර් 21 යන දින සිංහලයන් සැලකුවේ අයනය සුන් විෂුවයේ දින ලෙසයි. ඉංග්‍රීසියෙන් මාර්තු 21 හා සැප්තැම්බර් 21 EQමසබදං (ඉක්‌විනොක්‌ස්‌) වශයෙන්ද ජුනි 21 හා දෙසැම්බර් 21 Sදකිඑසජැ (සොල්ස්‌ට්‌ස්‌ ) යනුවෙන් ද හඳුන්වති.

අපේ පැරැණ්‌නන් අඟුල් 12 ක (මහා සංකුව) හෝ අඟුල් 6 ක්‌ දිග සංකුව බිම තබා සෙවනැල්ල ගෙන (පලභාව) මුළු ලෝකයම මැන්නේ මේ දිනවලදීය.

21.12.2012 සූර්යයාත්, පෘථිවියත්, ක්‍ෂිතිජයත් එකම රේඛාවකට එන බව පවසත්..... සෑම වර්ෂයකම මෙම සංසිද්ධිය වුවද මෙදිනට එය හරියටම සෘජුව පිහිටන බව පවසති. මේ සියල්ලම ඉන්ටර් නෙටය බලා කියන දේවල්ය.

අතීත සිංහලයෝ මෙදිනට පලභාව ගෙන පළමුව අක්‍ෂ කර්ණයක්‌ ගණනය කරයි. පලභාව අඟුල් 5 ක්‌ නම් අක්‍ෂ කර්ණය ගණනය කරමු.

122+52= 13

පසුව මෙය පෘථිවියට ආදේශ කොට, ලම්බය, අක්‍ෂය හෙවත් අක්‌ෂාංශය, අග්‍ර, සංකුතල, නත, උන්නත, ක්‍ෂිතිජය (ගණිතමය අගයක) ද්විජ්‍යය, චර බණ්‌ඩය ගණනය කරනු ලබයි. මෙහිදී ක්‍ෂිතිජය අගය බිංදුව හෝ බිංදුවට ආසන්න අගයක්‌ ගනී. පහත දැක්‌වෙන සූර්ය සිද්ධාන්තයේ වගුව ඇසුරු කොටගෙන ගණනය කිරීම් කරණු ලබයි. ජුනි 21 දින වන විට වගුව අවසන් වේ. මෙම වගුව භාවිත කොට ග්‍රහයන්ගේ ස්‌ථානද ගණනය කරනු ලැබේ.

පලභාව (සංකු සෙවනැල්ල) ගෙන එන උදයාශව නැතහොත් ලංකෝදය අගයන් සමග ගණනය කොට පැය විනාඩි වශයෙන් (ශරය) ඒ ඒ අදාළ ස්‌ථානවලට එනම් මුළු ලෝකයටම ලග්න ශේෂයන් ගණනය කළ හැක. බටහිරයෝ වෙනසක්‌ දැක්‌වීම උදෙසා ලග්න ශේෂය යන වචනය ඉවත්කොට මුළු පැය අගයන්ම දක්‌වති. මහා දෙයක්‌ නොවේ. මෙය ඔවුන් හඳුන්වන්නේ Rසටයඑ asජැමිසදබ (රයිට්‌ ඇෂෙන්ෂන්) යනුවෙනි.

මායාවරුන් දින දර්ශන දෙකක්‌ භාවිත කළ බව ඉන්ටර්නෙටය (පඹගාල) හරහා තොරතුරු සොයා බලා කියන්නෝ පවසති. එයින් එක්‌ දින දර්ශනයක්‌ ක්‍රි. පූ. 3144 අගෝස්‌තු 1 පටන් ගෙන ක්‍රි. ව. 2012 දෙසැ. 21 අවසන් වේලු. එදාටම ලෝක විනාශය ද වේලු. ලෝක විනාශය කෙසේ වෙතත් මායාවරුන් විනාශ වී බොහෝ කල්ය. කතෝලික ආක්‍රමණවාදීන් මායාවරුන් ඉතිරි නොකොට සමූල ඝාතනය කර ඇත.

මේ අපූරු දින දර්ශනයේ දින සති මාස අවුරුදු නොමැත. එය සමස්‌ත කාලයේ ආරම්භයත් අවසානයත් සටහන් කර ඇත. කාල සීමා 5 ක්‌ පසුකොට මේ ගත කරනුයේ එම වක්‍රයේ අවසාන භාගයයි. මුළු චක්‍රයම සිදුවන කාලය වසර 26000 වේ. මේ සිදුවීම වන විට ධ්‍රැව වෙනස්‌ වීමකට ද භාජන වෙයි. මේ බටහිර මතයයි.

මායාවරුන්ගේ දින දර්ශනය පිළිබඳව විද්‍යාඥයෙන් පවසන්නේ සූර්යයාත් පෘථිවියත් සමස්‌ත විශ්වයේ ඒ ඒ වකවානුවලදී ගුවන් ගැබේ පිහිටන ස්‌ථාන දක්‌වා ඇති බවය.

මේ මායාවරුන්ගේ දෙයක්‌ නොවේ බටහිර මතයයි. යම් වසරක අප්‍රේල් 13 වැනි දින මේෂ රාශියේ අංශක 0 කලා 0 විකලා 0, අස්‌විද නැකතේ අංශක 0 කලා 0 විකලා 0 සමවිණි නම් නැවත එසේ සම වන්නේ වසර 26000 කට පසුවය. රාශි චක්‍රයේ මෙම ගමන හැඳින්වෙන්නේ ආයතන (ඡරුජසිsසදබ) නමිනි. වසරකට විකලා 50 බැගින් සිදුවන මෙම ගමන නිසා අවුරුදු 2160 කදී අංශක 30 වීමෙන් රාශියක්‌ ඉදිරියට පනී. මෙවිට මුලින් මේෂ රාශිය යම් තැනක තිබිණි නම් එතැන දැන් සිටින්නේ මීන රාශිය වෙයි. වසර 2428 අප්‍රේaල් 13 දින එතැන තිබෙන්නේ මීන රාශිය මිස මේෂ රාශිය නොවේ.

මෙසේ තාරකා විද්‍යා මූලධර්ම අනුව තම න්‍යායන් ගොඩනඟන සායන ජ්‍යෙdතිෂ්‍ය නීරක්‍ෂයට ඉහළින් හිරු උදාවන මාර්තු 21 වන දිනය සූර්යයා මේෂ රාශි ගත වන දිනය වශයෙන් සලකයි. ඒ අනුව සිංහල අවුරුද්ද සැමරිය යුත්තේ මාර්තු 22 වැනි දාය.

ඉහත න්‍යාය 1917 දී යුදෙව් ජාතික ඇල්බට්‌ අයින්ස්‌ටයින් විසින් ඉදිරිපත් කළ සාධාරණ සාපෙක්‍ෂතාවාදය (ඨැබ්ර්ක රුක්‌එසඩසඑහ) ට අනුව පෘථිවියේ භ්‍රමණ අක්‌ෂයත් පරිභ්‍රමණ කක්‌ෂයත් පුරවායනය (මුල් අවස්‌ථාවට නැවත නැවත පැමිණීම) වන බව හෙළිදරව් විය. පෘථිවියේ භ්‍රමණ අක්‌ෂය වෙනස්‌ වීම සම්පූර්ණ වටයක්‌ සිදුවීමට වසර 26000 ක්‌ ගතවේ. එනම් වසර (26000/12) 2166.67 වැනි කාලයක්‌ ගතවූ විට පෘථිවියට සාපෙක්‍ෂ රාශි චක්‍රය එක්‌ ලග්නයකින් ඉදිරියට යයි. තවත් වසර 2166 ක්‌ වැනි කාලයකට පසු සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට යන්නේ මැයි මාසයේ දිනකය.

මේ පෘථිවි භ්‍රමණ අක්‌ෂය වෙනස්‌වීම මත 21.12.2012 චිත්‍රපටය නිපදවා ඇත. එදින පොළව පුපුරා යයි. විදුලි රැහැන් කඩා වැටේ. මහා ගොඩනැඟිලි ද කඩා වැටේ. පොළව දෙකට බෙදී යයි. හොඳයි පෘථිවියේ භ්‍රමණ අක්‍ෂය මෙසේ වෙනස්‌වේ නම් චන්ද්‍රයාගේ පෘථිවිය වටා භ්‍රමණය ද වෙනස්‌ විය යුතුයි.

චන්ද්‍රයාත් කුජගෙන් බලපෑමෙන් කාන්තාවන්ට සෘතුවීම ඇති වේ. එවිට එම චක්‍රය ද වෙනස්‌ වේ. එවිට මෙලොව කාන්තාවන්ට සිදුවන විපත කෙතරම්ද? සෘතුවීමේ සංකූලතාවන්ද ඒ නිසා දරු උත්පත්තිය පිළිබඳ ගැටලුද ඇති වේ. 2012 වීමට ප්‍රථම ලෝකයේ කාන්තාවන් වඳ වී යැමට පටන් ගනී. එහි ප්‍රතිවිපාක වශයෙන් ලෝකයම ජන ශූණ්‍ය වීමට පටන් ගනී. පොළොව පලා යැම නම් කිසි දිනකත් සිදු නොවේ.

සිසිර මංචනායක

උපුටා ගැනීම 2010 අප්‍රේල් 16 සිකුරාදා දිවයින

2 අදහස්:

OMG! ROTF LMAO!

සිසිර මංචනායක => |\|00B KI|\|G

Post a Comment

Can't read my posts?

ඔබත් 2012 ලෝක විනාශය පිලිබදව උනන්දුද?

ඔබත් මේ පිලිබදව උනන්දු නම් මෙන්න ඔබටත් අවස්ථාවක් ඔබ ළගත් 2012 ලෝක විනාශය පිලිබදව ලිපි තිබෙනම් ඔබෙ ලිපි මෙම බ්ලොග් අඩවියෙ පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ කරගෙන යන්න පුලුවන්.(ඔයාලට කැමති ලිපි ගනනක් දාන්න පුලුවන්,මසෙට එකක් දැම්මත් කමක් නෑ)

මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් මාව සම්බන්ද කරගන්න.
api2012di@gmail.com

නිත‍ර යන එන සෙට් එක

සිංග්‍රීසි ඒසැනින් පරිවර්තකය

අමුත්තෝ ගනන

free counters

Colombo Ride 3D

"