2012 සහ ලෝක විනාශය 2012 නම් ඉංග්‍රීසි චිත්‍රපටයක් ඉකුත් සමයේ මෙරට සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරිණි. විද්‍යා ප්‍රබන්ධ කතාවක් වන එහි අන්තර්ගතය ගැන සිංහල බෞද්ධයකු ලෙස අප ගේ ඇසින් බලා විචාරයක් කිරීම මේ ලිපියේ අරමුණයි. චිත්‍රපට කතාවෙන් ප්‍රධාන වශයෙන් වර්ෂ 2012 දී සිදු වීමට නියමිත ලෝක විනාශයක් ගැන කතාවක් ඉදිරිපත් කෙරේ. චිත්‍රපටයේ කතාව කෙටියෙන් විස්‌තර කරත හොත් ඒ මෙසේ ය. මුලින් ම 2009 වසරේ දී තරුණ ඉන්දියානු භූ විද්‍යාඥයකු විසින් පෘථිවි තලය පුරා ම සිදු වන ශීඝ්‍ර වෙනස්‌කම් රාශියක් අතර සම්බන්ධතාවක් මතු කරගනු ලැබේ. මේ පිළිබඳව ඔහු හිතවත් ඇමෙරිකානු භූ විද්‍යාඥයකුට කරුණු සහිතව පැහැදිලි කිරීමක් කරයි. එම කරුණ අනුව ක්‍රියාත්මක වන ඇමෙරිකානු භූ විද්‍යාඥයා විසින් ඇමෙරිකානු ජනපති ඇතුළු රජයේ බලධාරීන් පිරිසකට පෘථිවිය පුරා ම සිදු වන මේ ක්‍රියාවලිය දැනුවත් කිරීමක් කරනු ලැබේ. පසුව මතු කරගන්නා කරුණු අනුව පෘථිවිය පුරා ම සිදු වන අදාළ විපර්යාස දාමය වසර කිහිපයකින් සිදු වන නොවැළැක්‌විය හැකි ලෝක විනාශයක පෙරනිමිති බවට ඇමෙරිකානු රජය නිගමනයකට එළැඹේ. ඒ අනුව ඇමෙරිකානු රජය, කලබලකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සිය රට වැසියන් හෝ ලෝ වැසියන් හෝ දැනුවත් නො කර වෙනත් සැලැස්‌මක් ක්‍රියාත්මක කිරීම අරඹයි. ඒ අනුව ඔවුහු 2010 ජී-8 සමුළුවේ දී වෙනත් රටවල රාජ්‍ය නායකයන් පිරිසක් දැනුවත් කිරීමෙන් පසු සාමූහිකව රහස්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කරති. එම සැලසුම අනුව ඉන්දියාවේ හිමාල අඩවියේ ආක් නමැති සුවිශාල ආරක්‍ෂිත නෞකා රාශියක් ඉදි කිරීම ආරම්භ කෙරේ. එම රහසිගත ව්‍යාපෘතියේ අරමුණ වන්නේ 400000ක පමණ ප්‍රමාණයක තෝරාගත් මිනිසුන් පිරිසක් එම ආරක්‍ෂිත නෞකාවන් තුළ රැඳවීම මගින් ලෝක විනාශයෙන් පසු පෘථිවියෙන් මනුෂ්‍ය වර්ගයා ගේ වඳ වීම වළක්‌වා ගැනීමයි. ඉන්පසු චිත්‍රපටයේ කතාව ගලා යැමේ දී විවිධ වූ පරිගණක තාක්‌ෂණික හරඹ මගින් ලෝක විනාශය නිර්මාණය කොට ප්‍රේක්‌ෂකයා හට ඒ පිළිබඳ ප්‍රබල හැඟීමක් ඇති කරවන ආකාරය දක්‌නට ලැබේ. අවසානයේ දී ආක් නම් ආරක්‍ෂිත නාවික යාත්‍රාවන්ට ගොඩ වන පිරිස පමණක් ලෝක විනාශයෙන් පසු දිවි ගලවා ගන්නා ආකාරය චිත්‍රපට කථාවේ දක්‌නට ලැබේ. චිත්‍රපටයේ අවසාන භාගයේ දී දිවි ගලවා ගැනීම සඳහා ආරක්‍ෂිත නාවික යාත්‍රාවන්ට ගොඩ වීමේ දී ඇති වන විශාල තදබදය සහ එකිනෙකා පරයා යාත්‍රාවන්ට ගොඩ වීමේ දී ඇති වන කලහකාරීත්වය මැඩපැවැත්වීමේ දී පමණක් මනුෂ්‍ය ගුණාංග ගැන යම් තරමක කතිතාවතක් අන්තර්ගත වී ඇත. නෝවා යනු දෙවියන් විසින් තෝරාගනු ලබන පුද්ගලයෙකි. එම කතාවට අනුව දෙවියන් ලෝක විනාශයට පෙර, ගුණ යහපත් පුද්ගලයකු වූ නෝවාට ගොඩබිම මැද විශාල නැවක් තනන ලෙස උපදෙස් ලබා දෙයි. තව ද එම නැව නෝවා ගේ ගුණයහපත් පවුලට සිටීමට සහ ලොව සැම සත්ත්ව වර්ගයකින් ම ජෝඩුව බැගින් තැන්පත් කිරීමට ඉඩකඩ සහිතව ඉදි කරන ලෙස දෙවියන් ගෙන් ඔහුට උපදෙස් ලැබේ. ඒ අනුව වැඩ කටයුතු අරඹන නෝවා, ජලය නොමැති ගොඩබිම් මධ්‍යයක විශාල නැවක් තැනීම ගැන සෙසු මිනිසුන් ගේ උපහාසයට ද ලක් වීමට පවා සිදු වුව ද ඔහු ඉවසීමෙන් තම කාර්යය කරගෙන යයි. මෙලෙස ඔහු විසින් ආක් (ARK) නැමති විශාල නැවක් තනා ලොව සැම සත්ත්ව වර්ගයකින් ම ජෝඩුව බැගින් එහි තැන්පත් කරනු ලැබේ. අවසානයේ නෝවා ගේ පවුලට සහ නැවේ තැන්පත් කළ සත්ත්ව ජෝඩුවලට පමණක්, දෙවියන් විසින් සමස්‌ත පෘථිවිය ම යට වන පරිදි වස්‌සවන ලද මහා වර්ෂාවෙන් දිවි ගලවා ගැනීමට ඉඩ සැලසේ. ඉන් දින ගණනාවකට පසු ජලය බැස යැමෙන් පසු නෝවා ගේ ගුණයහපත් පවුලෙන් නැවත යහපත් මිනිස් පරම්පරාවක් ආරම්භ වේ. තව ද ආරක්‍ෂිතව දිවි ගලවා ගත් සත්ත්ව යුගලයන් ගෙන් ද අලුත් සත්ත්ව පරම්පරාවක් මෙලොව ඇති වේ. පසුකාලීනව ඔවුහු ධාන්‍ය ආදිය අනුභව කොට තවදුරටත් රළු ශරීර ඇත්තන් බවට පත් වන අතර ලිංග භේදය ද පහළ වේ. ඉන්පසුව ක්‍රමානුකූලව විවිධ කරුණු නිසා මිනිසුන් ගේ ආයුෂ පිරිහීම, දුරාචාරය ඇති වීම සහ ආරවුල් විසඳා ගැනීම සඳහා සම්මතයෙන් පාලකයන් පත් කර ගැනීම ද අග්ගඤ්ඤ සූත්‍රයේ දක්‌වා ඇත. තව ද බ්‍රහ්මජාල සූත්‍රයේ දී ද බ්‍රහ්ම සංකල්පය බිහි වූ ආකාරය අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් කරුණු අනුව යමින් තවදුරටත් පෙන්වා දී ඇති බව ද හඳුනාගත හැකි ය. මෙහි දී වැදගත් ම කාරණය වන්නේ අපට අට විසි (28) බුද්ධ සංකල්පයක් තිබිය දී කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී බුදුන් වහන්සේ ලා පස් නම පමණක් විශේෂයෙන් රුවන්වැලි සෑ මළුවේ කිරිගරුඬ ගලින් අඹා තිබීමයි. මෙහි දී අපට සඳහන් කළ හැක්‌කේ මේ මහා භද්‍රකල්පයට අයත් බුදුරජාණන් වහන්සේලා පස් නම පමණක් පැරැන්නන් විසින් රුවන්වැලි සෑ මළුවේ අඹනු ලැබීමට විශේෂ හේතුවක් ඇති බවයි. කකුසඳ බුදුන්ට පෙර ලෝක විනාශයක් සිදු වූ බැවින් උන්වහන්සේට පෙර බුදුන්වහස්‌සේලාට මෙන්ම, මෛත්‍රී බුදුන් ගෙන් පසු නැවත ලෝක විනාශයක් සිදු වන බැවින් උන්වහන්සේට පසුව බුදු බව ලබන බුදුන්වහන්සේලාට ද දැනට පවතින රුවන්වැලි සෑ මළුවට වැඩම කොට නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටීමට අවස්‌ථාව නො ලැබෙන බව ද අපට පහසුවෙන් අවබෝධ කරගත හැකි ය. එනම් රුවන්වැලි සෑ භූමිය ද මේ ලෝකය ප්‍රතිනිර්මාණය වීමත් සමග ආරම්භ වූවක් වන අතර මෛත්‍රී බුදුන් පහළ වීමෙන් පසුව සිදු වන ලෝක විනාශයත් සමග එම භූමිය ද විනාශ වන බව ද අපට වටහාගත හැකි ය. මෛත්‍රී බුදුන් තවමත් පහළ වී නොමැති බැවින් අපට නම් නුදුරු අනාගතයේ සිදු වන ලෝක විනාශයක් පිළිබඳ අනාවැකිය අලුත් ම කාරණයකි. මේ අනුව මෙරට සිංහල බෞද්ධයන් අතර ලෝක විනාශය පිළිබඳ අප ගේ ම බෞද්ධ ආකල්ප තිබූ බව ද 2012 දී ලෝක විනාශයක් සිදු වන බව දැනට අපට පිළිගත හැකි කාරණයක් නො වන බව ද සඳහන් කළ යුතු ය. |
5 අදහස්:
ඔබ පත්තරය බලාගෙන ටයිප් කළාද? එහෙම නැත්නම් http://www.vidusara.com/2010/03/31/feature1.html පිටුවෙන් පිටපත් කළාද?
පත්තරේ බලාගෙන ටයිප් කළා නං අපරාදේ!
මේ මහා භද්‍රකල්පයෙන් පසුව ඇතිවන්නේ අබුද්ධෝත්පාද කාලයක්. එනම් කල්ප ගනණාවක් යනතුරා බුදුවරයෙක් පහල නොවේ. එබැවින්, මේ කල්පය තුළම නිවන අවබෝධ කරගැනීමට ප්‍රඤ්ඤාවන්තයෝ වටහාගත යුතුය.
ටයිප් කල එක හෝ කොපි කල එක නිසා මටත් බණ ටිකක් අහන්ට ලැබුන.....අනේ ඒකට බෝම පින් අයිති වේවා ඔබට.....
ඒකත් ඇත්ත අපි මොකටද කලබල වෙන්නේ නේද....
බය වෙන්න එප මම මෙක කොපි කරපු 1ක් ටයිප් කරන්න පිස්සු යෑ :@ :@
Post a Comment