ත්‍රාසය, භීතිය, කුතුහලය හා සන්ත්‍රාසය කුළු ගන්වමින් 21.12.2012 චිත්‍රපටය දැන් ලොව පුරා ප්‍රදර්ශනය වේ. බෙන්හර් චිත්‍රපටයේ අවසාන අශ්ව කරත්ත ධාවන තරගය දර්ශනයෙන් ඇරඹී රම්බෝ ටයිටැනික් හරහා දැන් 21. 12. 2012 දක්‌වාම පැමිණ ඇති මෙවන් චිත්‍රපට වලින් කියෑවෙන සත්‍යයක් තිබේ. ඒ අපට භීතිය ගෙන දෙන එහෙත් අපව කුළුගන්වන ඇඟ කිළිපොලා යන දර්ශන ඇතුළත් චිත්‍රපට වලට ඇති ඉල්ලුම වැඩි බවය.
මහා බැරූරුම් ගැඹුරු ඊනියා අර්ථාන්විත චිත්‍රපට නිපදවීමට දේශනා කරන ඇමරිකාව තම රටේත් ඉන් පරිබාහිරවත් වෙසෙන මිනිසුන්ට විනෝදය ගෙන දීමේ කර්මාන්තයේ හොඳින් නියෑළේ.
ඇමැරිකාවේ ප්‍රධානතම කර්මාන්තවලින් එකකි චිත්‍රපට කර්මාන්තය. එය තම චිත්‍රපට සාර්ථක කර ගැනීම උදෙසා විවිධ උපාය, උපක්‍රම, ප්‍රයෝග භාවිත කරති.
කර්මාන්තය ශාස්‌ත්‍රය වශයෙනුත්, දෙවනුව කියූ උපාය, උපක්‍රම, ප්‍රයෝග සූත්තරය වශයෙනුත් හැඳින්වූවාට වරදක් නැත. චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක කර ගැනීමට ශාස්‌ත්‍රයට වඩා සූත්තරය යොදවා ගෙන ඇති බව පෙනේ.
ශාස්‌ත්‍රයට වඩා සූත්තරය, යෑයි අපේ ගැමියෝ ප්‍රකාශ කළේ මෙයටයි.
මේ චිත්‍රපටය පිළිබඳව අද කතා නොකරන කෙනෙක් නොමැත.
මායාවරුන්ගේ දින දර්ශනය, පෘථිවියේ ධ්‍රැවය වෙනස්‌වීම, ඉරු, පෘථිවිය හා ක්‍ෂිතිජය එකම රේඛාවකට පැමිණීම මෙහි මුල් තැන්හිලා සැලකිය හැකිය. පසුගිය දිනවල ඇමරිකාවේ ආර්ථික අවපාතය පිළිබඳව හැමෝම කතා කළා මතකය. එහෙත්, එවන් දෙයක් සිදුවිණි දැයි කතා කළ අයටවත් දැන් මතක නැත. 21.12. 2012 වන විටද සිදුවන්නේ මෙයමය.
බයිබලයේ නෝවා නෞකාවෙන් චිත්‍රපටය නිමාවට පත්වීම ගැන කිසිවෙක් කතා නොකරති.
මෙවන් චිත්‍රපට ගැන කතා කිරීම නිෂ්ඵල දෙයකි. රටට දැයට සෙතක් වන දෑ වෙනුවෙන් ඉතිරි කර ගත යුතු, වැය කළ යුතු කාලය බෝහෝය. අප සතුව තිබූ දැනුම, ශිල්ප ශාස්‌ත්‍ර විවිධ බලවේග මගින් අභාවයට පත්කරවමින් තිබේ. එම ශාස්‌ත්‍රවල ප්‍රබලත්වය දන්නෝ දනිති. ඒවා නිස්‌සරණාධ්‍යාසයෙන් රැකගෙන බෝධිසත්ත්ව ගුණෝපෙතයෙන් ලොවට සෙත සලසන අය අපි දැක ඇත්තෙමු.
ජ්‍යෙdතිෂ්‍ය (ජ්‍යෙdතිෂ්‍ය යන්නෙහි ජ්‍යෙdතීර් ගණිතය ද ඇතුළත් වේ) සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ගසට පොත්ත මෙන් බැඳී පවතින්නකි. සිංහල අවුරුද්ද, සිංහල විවාහ චාරිත්‍ර, මල්වර උත්සවය අපව අනෙක් සංස්‌කෘතීන්ගෙන් පැහැදිලි ලෙසම වෙන්කොට ලෝකයාට හඳුන්වා දෙයි.
දරු උත්පත්තිය, ඉඳුල් කට ගෑම, කන විදීම, අකුරු කියවීම, ගොවිතැන, අලුත් අවුරුදු උදාව, නව සඳ බැලීම, නැකතට ගනුදෙනු කිරීම, අලුත් හා පරණ අවුරුද්දට ස්‌නානය, ළිං කැපීම, නිවාස තැනීම, ගෙයි උළුවහු තැබීම ඇතුළු වාස්‌තු විද්‍යාව, දරුවන් මහණ කිරීම, පොහොය කිරීම, විදුම් පිළිස්‌සුම් වෙදකම ඇතුළු සිංහල වෙදකම යනාදී මෙකී නොකී සියලුම තැන්හි ජ්‍යෙතිෂ්‍ය ප්‍රබල ස්‌ථානයක් උසුලයි.
ජ්‍යෙdතිෂ්‍ය, වාස්‌තු විද්‍යාව, වෙදකම සමග සංස්‌කෘත භාෂාවත් බුද්ධ ධර්මය සමග පාලිත් එකට බැඳී පවතී.
ජ්‍යෙdතිෂ්‍ය තරම් මෑත භාගයේදී විකෘති වූ වෙනත් විෂයක් නැති තරම්ය. විශේෂයෙන් බටහිර ඊනියා විද්‍යාත්මක වඩා නිවැරැදි යෑයි කියනු ලබන ඇමරිකානු ඒෂිමරිය මත සකස් කරනු ලබන ලිත් මගින් මේ විෂය දූෂිත වී ගොස්‌ය.
පිරිවෙන් අධ්‍යාපනය නැති වී ගොස්‌ය. නොමිලේ දෙන බටහිර අධ්‍යාපනය මගින් සිංහලයා සතුව තිබූ ලොවම පාලනය කළ හැකි ලොවම විශ්මයට පත් කරන දැනුම අමතක කරවා ඇත.
සිංහලයන්ට තමන්ගේ අමතක වූ දෙය මතක් කර දීම සඳහා මෙම චිත්‍රපටය යොදවා ගත හැක. අපේ විස්‌මිත පැරැණ්‌නන්ගේ දැනුමත් බටහිර මේ විෂ්‍යය පිළිබඳ දැනුමත් සැසඳීම හා අභියෝගයට ලක් කිරීම මේ ලිපියේ අරමුණයි.
ප්ලූටෝ නේප්චුන්, යුරේනස් වැනි ග්‍රහයන් අභියෝගයට ලක්‌කළ කොණ්‌ඩය බැඳී, බුලත්විට හැපූ, ගමේ ගොඩේ විසූ අපේ පාරම්පරික දෛවඥයන් ගමන් ගත් මඟ ගැනීමයි ඒ.
මධ්‍යම ඇමැරිකාවේ දකුණු මෙක්‌සිකෝවේ සිට ගෝතමාලා බටහිර හොන්ඩ්‍රයිරාස් දක්‌වා පැතිර තිබුණේ යෑයි කියන මායා ශිෂ්ටාචාරයේ දින දර්ශනයේ අවසන් දිනය ගෙන චිත්‍රපටය නම් කොට ඇතැයි පැවසේ.
පළමුව මේ දිනය පිළිබඳ සිංහලයන් සතුව පැවති දැනුම විමසමු.
බටහිර දින දර්ශනයට අනුව දළ වශයෙන් මාර්තු 21 ජුනි 21 සැප්තැම්බර් 21 දෙසැම්බර් 21 යන දින සිංහලයන් සැලකුවේ අයනය සුන් විෂුවයේ දින ලෙසයි. ඉංග්‍රීසියෙන් මාර්තු 21 හා සැප්තැම්බර් 21 EQමසබදං (ඉක්‌විනොක්‌ස්) වශයෙන්ද ජුනි 21 හා දෙසැම්බර් 21 Sදකිඑසජැ (සොල්ස්‌ට්‌ස් ) යනුවෙන් ද හඳුන්වති.
අපේ පැරැණ්‌නන් අඟුල් 12 ක (මහා සංකුව) හෝ අඟුල් 6 ක් දිග සංකුව බිම තබා සෙවනැල්ල ගෙන (පලභාව) මුළු ලෝකයම මැන්නේ මේ දිනවලදීය.
21.12.2012 සූර්යයාත්, පෘථිවියත්, ක්‍ෂිතිජයත් එකම රේඛාවකට එන බව පවසත්..... සෑම වර්ෂයකම මෙම සංසිද්ධිය වුවද මෙදිනට එය හරියටම සෘජුව පිහිටන බව පවසති. මේ සියල්ලම ඉන්ටර් නෙටය බලා කියන දේවල්ය.
අතීත සිංහලයෝ මෙදිනට පලභාව ගෙන පළමුව අක්‍ෂ කර්ණයක් ගණනය කරයි. පලභාව අඟුල් 5 ක් නම් අක්‍ෂ කර්ණය ගණනය කරමු.
122+52= 13
පසුව මෙය පෘථිවියට ආදේශ කොට, ලම්බය, අක්‍ෂය හෙවත් අක්‌ෂාංශය, අග්‍ර, සංකුතල, නත, උන්නත, ක්‍ෂිතිජය (ගණිතමය අගයක) ද්විජ්‍යය, චර බණ්‌ඩය ගණනය කරනු ලබයි. මෙහිදී ක්‍ෂිතිජය අගය බිංදුව හෝ බිංදුවට ආසන්න අගයක් ගනී. පහත දැක්‌වෙන සූර්ය සිද්ධාන්තයේ වගුව ඇසුරු කොටගෙන ගණනය කිරීම් කරණු ලබයි. ජුනි 21 දින වන විට වගුව අවසන් වේ. මෙම වගුව භාවිත කොට ග්‍රහයන්ගේ ස්‌ථානද ගණනය කරනු ලැබේ.
පලභාව (සංකු සෙවනැල්ල) ගෙන එන උදයාශව නැතහොත් ලංකෝදය අගයන් සමග ගණනය කොට පැය විනාඩි වශයෙන් (ශරය) ඒ ඒ අදාළ ස්‌ථානවලට එනම් මුළු ලෝකයටම ලග්න ශේෂයන් ගණනය කළ හැක. බටහිරයෝ වෙනසක් දැක්‌වීම උදෙසා ලග්න ශේෂය යන වචනය ඉවත්කොට මුළු පැය අගයන්ම දක්‌වති. මහා දෙයක් නොවේ. මෙය ඔවුන් හඳුන්වන්නේ Rසටයඑ asජැමිසදබ (රයිට් ඇෂෙන්ෂන්) යනුවෙනි.
මායාවරුන් දින දර්ශන දෙකක් භාවිත කළ බව ඉන්ටර්නෙටය (පඹගාල) හරහා තොරතුරු සොයා බලා කියන්නෝ පවසති. එයින් එක් දින දර්ශනයක් ක්‍රි. පූ. 3144 අගෝස්‌තු 1 පටන් ගෙන ක්‍රි. ව. 2012 දෙසැ. 21 අවසන් වේලු. එදාටම ලෝක විනාශය ද වේලු. ලෝක විනාශය කෙසේ වෙතත් මායාවරුන් විනාශ වී බොහෝ කල්ය. කතෝලික ආක්‍රමණවාදීන් මායාවරුන් ඉතිරි නොකොට සමූල ඝාතනය කර ඇත.
මේ අපූරු දින දර්ශනයේ දින සති මාස අවුරුදු නොමැත. එය සමස්‌ත කාලයේ ආරම්භයත් අවසානයත් සටහන් කර ඇත. කාල සීමා 5 ක් පසුකොට මේ ගත කරනුයේ එම වක්‍රයේ අවසාන භාගයයි. මුළු චක්‍රයම සිදුවන කාලය වසර 26000 වේ. මේ සිදුවීම වන විට ධ්‍රැව වෙනස් වීමකට ද භාජන වෙයි. මේ බටහිර මතයයි.
මායාවරුන්ගේ දින දර්ශනය පිළිබඳව විද්‍යාඥයෙන් පවසන්නේ සූර්යයාත් පෘථිවියත් සමස්‌ත විශ්වයේ ඒ ඒ වකවානුවලදී ගුවන් ගැබේ පිහිටන ස්‌ථාන දක්‌වා ඇති බවය.
මේ මායාවරුන්ගේ දෙයක් නොවේ බටහිර මතයයි. යම් වසරක අප්‍රේල් 13 වැනි දින මේෂ රාශියේ අංශක 0 කලා 0 විකලා 0, අස්‌විද නැකතේ අංශක 0 කලා 0 විකලා 0 සමවිණි නම් නැවත එසේ සම වන්නේ වසර 26000 කට පසුවය. රාශි චක්‍රයේ මෙම ගමන හැඳින්වෙන්නේ ආයතන (ඡරුජසිsසදබ) නමිනි. වසරකට විකලා 50 බැගින් සිදුවන මෙම ගමන නිසා අවුරුදු 2160 කදී අංශක 30 වීමෙන් රාශියක් ඉදිරියට පනී. මෙවිට මුලින් මේෂ රාශිය යම් තැනක තිබිණි නම් එතැන දැන් සිටින්නේ මීන රාශිය වෙයි. වසර 2428 අප්‍රේaල් 13 දින එතැන තිබෙන්නේ මීන රාශිය මිස මේෂ රාශිය නොවේ.
මෙසේ තාරකා විද්‍යා මූලධර්ම අනුව තම න්‍යායන් ගොඩනඟන සායන ජ්‍යෙdතිෂ්‍ය නීරක්‍ෂයට ඉහළින් හිරු උදාවන මාර්තු 21 වන දිනය සූර්යයා මේෂ රාශි ගත වන දිනය වශයෙන් සලකයි. ඒ අනුව සිංහල අවුරුද්ද සැමරිය යුත්තේ මාර්තු 22 වැනි දාය.
ඉහත න්‍යාය 1917 දී යුදෙව් ජාතික ඇල්බට් අයින්ස්‌ටයින් විසින් ඉදිරිපත් කළ සාධාරණ සාපෙක්‍ෂතාවාදය (ඨැබ්ර්ක රුක්‌එසඩසඑහ) ට අනුව පෘථිවියේ භ්‍රමණ අක්‌ෂයත් පරිභ්‍රමණ කක්‌ෂයත් පුරවායනය (මුල් අවස්‌ථාවට නැවත නැවත පැමිණීම) වන බව හෙළිදරව් විය. පෘථිවියේ භ්‍රමණ අක්‌ෂය වෙනස් වීම සම්පූර්ණ වටයක් සිදුවීමට වසර 26000 ක් ගතවේ. එනම් වසර (26000/12) 2166.67 වැනි කාලයක් ගතවූ විට පෘථිවියට සාපෙක්‍ෂ රාශි චක්‍රය එක් ලග්නයකින් ඉදිරියට යයි. තවත් වසර 2166 ක් වැනි කාලයකට පසු සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට යන්නේ මැයි මාසයේ දිනකය.
මේ පෘථිවි භ්‍රමණ අක්‌ෂය වෙනස්‌වීම මත 21.12.2012 චිත්‍රපටය නිපදවා ඇත. එදින පොළව පුපුරා යයි. විදුලි රැහැන් කඩා වැටේ. මහා ගොඩනැඟිලි ද කඩා වැටේ. පොළව දෙකට බෙදී යයි. හොඳයි පෘථිවියේ භ්‍රමණ අක්‍ෂය මෙසේ වෙනස්‌වේ නම් චන්ද්‍රයාගේ පෘථිවිය වටා භ්‍රමණය ද වෙනස් විය යුතුයි.
චන්ද්‍රයාත් කුජගෙන් බලපෑමෙන් කාන්තාවන්ට සෘතුවීම ඇති වේ. එවිට එම චක්‍රය ද වෙනස් වේ. එවිට මෙලොව කාන්තාවන්ට සිදුවන විපත කෙතරම්ද? සෘතුවීමේ සංකූලතාවන්ද ඒ නිසා දරු උත්පත්තිය පිළිබඳ ගැටලුද ඇති වේ. 2012 වීමට ප්‍රථම ලෝකයේ කාන්තාවන් වඳ වී යැමට පටන් ගනී. එහි ප්‍රතිවිපාක වශයෙන් ලෝකයම ජන ශූණ්‍ය වීමට පටන් ගනී. පොළොව පලා යැම නම් කිසි දිනකත් සිදු නොවේ.
සිසිර මංචනායක
Google Search
ඔබත් මේ පිලිබදව උනන්දු නම් මෙන්න ඔබටත් අවස්ථාවක්! ඔබ ළගත් 2012 ලෝක විනාශය පිලිබදව ලිපි තිබෙනම් ඔබෙ ලිපි මෙම බ්ලොග් අඩවියෙ පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ කරගෙන යන්න පුලුවන්.(ඔයාලට කැමති ලිපි ගනනක් දාන්න පුලුවන්,මසෙට එකක් දැම්මත් කමක් නෑ)
මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් මාව සම්බන්ද කරගන්න.
api2012di@gmail.com
(මේ සම්බන්දයෙන් ඕන අදහසක්,ගැටළුවක් මේකට එවන්න!)
2012 සහ ලෝක විනාශය 2012 නම් ඉංග්‍රීසි චිත්‍රපටයක් ඉකුත් සමයේ මෙරට සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරිණි. විද්‍යා ප්‍රබන්ධ කතාවක් වන එහි අන්තර්ගතය ගැන සිංහල බෞද්ධයකු ලෙස අප ගේ ඇසින් බලා විචාරයක් කිරීම මේ ලිපියේ අරමුණයි. චිත්‍රපට කතාවෙන් ප්‍රධාන වශයෙන් වර්ෂ 2012 දී සිදු වීමට නියමිත ලෝක විනාශයක් ගැන කතාවක් ඉදිරිපත් කෙරේ. චිත්‍රපටයේ කතාව කෙටියෙන් විස්‌තර කරත හොත් ඒ මෙසේ ය. මුලින් ම 2009 වසරේ දී තරුණ ඉන්දියානු භූ විද්‍යාඥයකු විසින් පෘථිවි තලය පුරා ම සිදු වන ශීඝ්‍ර වෙනස්‌කම් රාශියක් අතර සම්බන්ධතාවක් මතු කරගනු ලැබේ. මේ පිළිබඳව ඔහු හිතවත් ඇමෙරිකානු භූ විද්‍යාඥයකුට කරුණු සහිතව පැහැදිලි කිරීමක් කරයි. එම කරුණ අනුව ක්‍රියාත්මක වන ඇමෙරිකානු භූ විද්‍යාඥයා විසින් ඇමෙරිකානු ජනපති ඇතුළු රජයේ බලධාරීන් පිරිසකට පෘථිවිය පුරා ම සිදු වන මේ ක්‍රියාවලිය දැනුවත් කිරීමක් කරනු ලැබේ. පසුව මතු කරගන්නා කරුණු අනුව පෘථිවිය පුරා ම සිදු වන අදාළ විපර්යාස දාමය වසර කිහිපයකින් සිදු වන නොවැළැක්‌විය හැකි ලෝක විනාශයක පෙරනිමිති බවට ඇමෙරිකානු රජය නිගමනයකට එළැඹේ. ඒ අනුව ඇමෙරිකානු රජය, කලබලකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සිය රට වැසියන් හෝ ලෝ වැසියන් හෝ දැනුවත් නො කර වෙනත් සැලැස්‌මක් ක්‍රියාත්මක කිරීම අරඹයි. ඒ අනුව ඔවුහු 2010 ජී-8 සමුළුවේ දී වෙනත් රටවල රාජ්‍ය නායකයන් පිරිසක් දැනුවත් කිරීමෙන් පසු සාමූහිකව රහස්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කරති. එම සැලසුම අනුව ඉන්දියාවේ හිමාල අඩවියේ ආක් නමැති සුවිශාල ආරක්‍ෂිත නෞකා රාශියක් ඉදි කිරීම ආරම්භ කෙරේ. එම රහසිගත ව්‍යාපෘතියේ අරමුණ වන්නේ 400000ක පමණ ප්‍රමාණයක තෝරාගත් මිනිසුන් පිරිසක් එම ආරක්‍ෂිත නෞකාවන් තුළ රැඳවීම මගින් ලෝක විනාශයෙන් පසු පෘථිවියෙන් මනුෂ්‍ය වර්ගයා ගේ වඳ වීම වළක්‌වා ගැනීමයි. ඉන්පසු චිත්‍රපටයේ කතාව ගලා යැමේ දී විවිධ වූ පරිගණක තාක්‌ෂණික හරඹ මගින් ලෝක විනාශය නිර්මාණය කොට ප්‍රේක්‌ෂකයා හට ඒ පිළිබඳ ප්‍රබල හැඟීමක් ඇති කරවන ආකාරය දක්‌නට ලැබේ. අවසානයේ දී ආක් නම් ආරක්‍ෂිත නාවික යාත්‍රාවන්ට ගොඩ වන පිරිස පමණක් ලෝක විනාශයෙන් පසු දිවි ගලවා ගන්නා ආකාරය චිත්‍රපට කථාවේ දක්‌නට ලැබේ. චිත්‍රපටයේ අවසාන භාගයේ දී දිවි ගලවා ගැනීම සඳහා ආරක්‍ෂිත නාවික යාත්‍රාවන්ට ගොඩ වීමේ දී ඇති වන විශාල තදබදය සහ එකිනෙකා පරයා යාත්‍රාවන්ට ගොඩ වීමේ දී ඇති වන කලහකාරීත්වය මැඩපැවැත්වීමේ දී පමණක් මනුෂ්‍ය ගුණාංග ගැන යම් තරමක කතිතාවතක් අන්තර්ගත වී ඇත. නෝවා යනු දෙවියන් විසින් තෝරාගනු ලබන පුද්ගලයෙකි. එම කතාවට අනුව දෙවියන් ලෝක විනාශයට පෙර, ගුණ යහපත් පුද්ගලයකු වූ නෝවාට ගොඩබිම මැද විශාල නැවක් තනන ලෙස උපදෙස් ලබා දෙයි. තව ද එම නැව නෝවා ගේ ගුණයහපත් පවුලට සිටීමට සහ ලොව සැම සත්ත්ව වර්ගයකින් ම ජෝඩුව බැගින් තැන්පත් කිරීමට ඉඩකඩ සහිතව ඉදි කරන ලෙස දෙවියන් ගෙන් ඔහුට උපදෙස් ලැබේ. ඒ අනුව වැඩ කටයුතු අරඹන නෝවා, ජලය නොමැති ගොඩබිම් මධ්‍යයක විශාල නැවක් තැනීම ගැන සෙසු මිනිසුන් ගේ උපහාසයට ද ලක් වීමට පවා සිදු වුව ද ඔහු ඉවසීමෙන් තම කාර්යය කරගෙන යයි. මෙලෙස ඔහු විසින් ආක් (ARK) නැමති විශාල නැවක් තනා ලොව සැම සත්ත්ව වර්ගයකින් ම ජෝඩුව බැගින් එහි තැන්පත් කරනු ලැබේ. අවසානයේ නෝවා ගේ පවුලට සහ නැවේ තැන්පත් කළ සත්ත්ව ජෝඩුවලට පමණක්, දෙවියන් විසින් සමස්‌ත පෘථිවිය ම යට වන පරිදි වස්‌සවන ලද මහා වර්ෂාවෙන් දිවි ගලවා ගැනීමට ඉඩ සැලසේ. ඉන් දින ගණනාවකට පසු ජලය බැස යැමෙන් පසු නෝවා ගේ ගුණයහපත් පවුලෙන් නැවත යහපත් මිනිස් පරම්පරාවක් ආරම්භ වේ. තව ද ආරක්‍ෂිතව දිවි ගලවා ගත් සත්ත්ව යුගලයන් ගෙන් ද අලුත් සත්ත්ව පරම්පරාවක් මෙලොව ඇති වේ. පසුකාලීනව ඔවුහු ධාන්‍ය ආදිය අනුභව කොට තවදුරටත් රළු ශරීර ඇත්තන් බවට පත් වන අතර ලිංග භේදය ද පහළ වේ. ඉන්පසුව ක්‍රමානුකූලව විවිධ කරුණු නිසා මිනිසුන් ගේ ආයුෂ පිරිහීම, දුරාචාරය ඇති වීම සහ ආරවුල් විසඳා ගැනීම සඳහා සම්මතයෙන් පාලකයන් පත් කර ගැනීම ද අග්ගඤ්ඤ සූත්‍රයේ දක්‌වා ඇත. තව ද බ්‍රහ්මජාල සූත්‍රයේ දී ද බ්‍රහ්ම සංකල්පය බිහි වූ ආකාරය අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් කරුණු අනුව යමින් තවදුරටත් පෙන්වා දී ඇති බව ද හඳුනාගත හැකි ය. මෙහි දී වැදගත් ම කාරණය වන්නේ අපට අට විසි (28) බුද්ධ සංකල්පයක් තිබිය දී කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී බුදුන් වහන්සේ ලා පස් නම පමණක් විශේෂයෙන් රුවන්වැලි සෑ මළුවේ කිරිගරුඬ ගලින් අඹා තිබීමයි. මෙහි දී අපට සඳහන් කළ හැක්‌කේ මේ මහා භද්‍රකල්පයට අයත් බුදුරජාණන් වහන්සේලා පස් නම පමණක් පැරැන්නන් විසින් රුවන්වැලි සෑ මළුවේ අඹනු ලැබීමට විශේෂ හේතුවක් ඇති බවයි. කකුසඳ බුදුන්ට පෙර ලෝක විනාශයක් සිදු වූ බැවින් උන්වහන්සේට පෙර බුදුන්වහස්‌සේලාට මෙන්ම, මෛත්‍රී බුදුන් ගෙන් පසු නැවත ලෝක විනාශයක් සිදු වන බැවින් උන්වහන්සේට පසුව බුදු බව ලබන බුදුන්වහන්සේලාට ද දැනට පවතින රුවන්වැලි සෑ මළුවට වැඩම කොට නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටීමට අවස්‌ථාව නො ලැබෙන බව ද අපට පහසුවෙන් අවබෝධ කරගත හැකි ය. එනම් රුවන්වැලි සෑ භූමිය ද මේ ලෝකය ප්‍රතිනිර්මාණය වීමත් සමග ආරම්භ වූවක් වන අතර මෛත්‍රී බුදුන් පහළ වීමෙන් පසුව සිදු වන ලෝක විනාශයත් සමග එම භූමිය ද විනාශ වන බව ද අපට වටහාගත හැකි ය. මෛත්‍රී බුදුන් තවමත් පහළ වී නොමැති බැවින් අපට නම් නුදුරු අනාගතයේ සිදු වන ලෝක විනාශයක් පිළිබඳ අනාවැකිය අලුත් ම කාරණයකි. මේ අනුව මෙරට සිංහල බෞද්ධයන් අතර ලෝක විනාශය පිළිබඳ අප ගේ ම බෞද්ධ ආකල්ප තිබූ බව ද 2012 දී ලෝක විනාශයක් සිදු වන බව දැනට අපට පිළිගත හැකි කාරණයක් නො වන බව ද සඳහන් කළ යුතු ය. |
ලෝක විනාශය 2012 දෙසැම්බර් 21 දා
මේ දිනවල බොහෝ දෙනකු තුළ පවතින සැකමුසු ගැටලුව නම් 2010න් පසු ජීවත්වීමට ඉඩක් ලැබේද යන්නයි. මා ස්ථිරවම එයට දෙන පිළිතුර නම් පෙරටත් වඩා හොඳින් ජීවත්වීමට ඉඩ ලැබේ යන්නයි. මා එසේ කියන්නේ ඇයි දැයි මේ ලිපියේ අවසානයේ දැක්වීමට බලාපොරොත්තු වෙමි.
මේ දිනවල වේගයෙන් පැතිර යන ලෝක විනාශය පිළිබඳ අදහස් ඇතිවී තිබෙන්නේ මායාවරුන්ගේ සුප්‍රසිද්ධ කැලැන්ඩරය නොහොත් දින දර්ශනය නිසාය.
මායාවරුන්ගේ ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 2000 සිට ක්‍රි.වර්ෂ 2050 දක්වා කාලය තුළ මධ්‍යම ඇමෙරිකාවේ දකුණු මෙක්සිකෝවේ වියාපාස් ප්‍රාන්තයේ යුක්ටානා අර්ධද්වීපයේ සිට ගෝතමාලාවේ බටහිර හොන්ඩුරාස් ප්‍රදේශය දක්වා පැතිරී තිබුණි.
නවීන විද්‍යාව පිළිබඳ පෘථුල අවබෝධයක් තිබූ ඔවුනට තාරකා විද්‍යාව පිළිබඳ අසීමිත අවබෝධයක් තිබුණි. එදිනෙදා ජීවිතයත් පරිසරයත් ග්‍රහ තාරකාත් අතර සුවිශේෂී සම්බන්ධතාවයක් ඇති බව ඔවුන්ගේ මූලික අදහසකි.
ජෝතීර් විද්‍යාව, ශබ්ද විද්‍යාව හා අංක විද්‍යාව ඔවුන් විසින් හදාරා වර්ධනය කර පර්යේෂණය කර දියුණු කර තිබේ.
ලෝකයේ පවතින දින දර්ශන අතරින් මායාවරුන්ගේ දින දර්ශනයට ලැබෙන්නේ අති විශේෂ වූ ස්ථානයකි. මූලික වශයෙන් ඔවුන් දින දර්ශන දෙවර්ගයක් නිපදවා ඇති බව දැනට ප්‍රත්‍යක්ෂ වන කරුණකි. එක වසරකට දින 365ක් වූ අතර එය වර්තමාන ජෝර්ජියා දින දර්ශනයට සමානය. ආගමික උත්සව හා බැඳුණු දින 260ක දින දර්ශනයක් ද, ඔවුන් සතු විය.
මේ අතර ක්‍රි.පූ.3144 අගෝස්තු 01 වැනිදා සිට ක්‍රි.වර්ෂ 2012 දෙසැම්බර් 21 දක්වා සැකසුණු විශ්වයේ දින දර්ශනයක් ද ඔවුන් නිපදවා තිබුණි. අප දැන් බයට පත්ව ඇත්තේ මේ දින දර්ශනය නිසාය. මෙය පෘථිවියත් සූර්යයා සමඟ විශ්වයක් අතර එම කාලය තුළදී ඇති වන වෙනස්කම් ඔවුන් අධ්‍යයනය කිරීමෙන් තනන ලද කැලැන්ඩරයකි.
වසර 5125 කින් යුතු අවධි 5ක් පසුකර 2012 දෙසැම්බර් 21 වන දින ලෝකය එහෙමපිටින්ම වෙනස් වන බව ඔවුන්ගේ මතයයි. පෘථිවි තලයේ පරිසරය හා ජීවීන් එදිනට මුළුමනින්ම විනාශ වී අලුත් ලොවක් ඇතිවන්නේ යැයි නියතය.
හින්දු ආගම දක්වන ලෙස ද අප ගතකරමින් සිටින අවධිය කලියුගය බවත් කලියුගය අවසානයේ යුගාන්තය නොහොත් යුගයේ අවසානය සිදු වන බවත් වේදග්‍රන්ථවල දැක්වේ.
මායාවරුන් ප්‍රකාශ කරන්නේ 2012 දෙසැම්බර් 21 වැනි දින සූර්යයාත් පෘථිවියත් ක්ෂීරපතයේ කේන්ද්‍රයත් එකම සරල රේඛාවක පිහිටන බවයි. එවිට පෘථිවියේ චුම්භක උතුරු දකුණු රේඛාව අංශක 180කින් භ්‍රමණය වන්නේ යයි මායාවරුන් දක්වන අදහසයි. ඊළඟ මතය අනුව උතුරු ඇමෙරිකාවේ යෙලෝ ස්ටෝන් තැනිතලාවේ තිබෙන අක්‍රිය වූ ලොව විශාලතම ගිනිකන්ද එකවරම ක්‍රියාත්මක වී ඇමෙරිකාව විනාශ කරන බවයි.
මායාවරුනගේ තවත් අදහසක් වන්නේ එදිනට මිනිසුන්ගේ ආධ්‍යාත්මික විප්ලවයක් වන බවයි. ශ්‍රී ලංකාවේ ජීවත්වන විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරයකු වූ වෛද්‍ය ගුණසීල ජයලත් මහතා ප්‍රකාශ කරන්නේ වසර ගණනාවක් තිස්සේ නොකඩවාම විශාල වශයෙන් භූගතව තිබූ ඛනිජ තෙල් හා ගෑස් පිටතට ඇදගැනීම නිසා ඇතිවන රික්තය නොහොත් විශාල කුහරවල ඇතිවන හිස් බව තුලනය කිරීම සඳහා භූගතව ලාවා තට්ටුවේ පවතින ලාවාස්ථරය එම හිස් වූ ස්ථාන තුළටත් ඉන් පිටතටත් ගලා එන බවයි. මේ නිසා ඈත රටවල් කිහිපයක ඇතිවී තිබෙන භූ චලන භූමිකම්පා හා ගිලාබැසීම් නිසා මෙම ලාවා ස්ථරය පෙළොව මතුපිටට ගලා ඒමෙන් ලෝකයේ ලොකුම විනාශය ඉක්මනින් ඇතිවිය හැකි බවය.
එවැන්නක් සිදුවුවහොත් ලාවා ස්ථරය පොළොව මතට පැමිණ පරිසරය පක්ෂීන් හා මනුෂ්‍යයින් ඇතුළු ජීවීන් දවා හළුකරන බවත් එම ලාවා ස්ථරය ඝනීභාවයට (නිවීමට) පත්වී ලෝකය යළි ඇතිවීමට දිගුකාලයක් ගත විය හැකි බවය.
එහෙත් එවැන්නක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැතැයි මා තර්ක කරන්නේ පහතින් සඳහන් කරන පරිදි එම දිනයේ ඇති ග්‍රහ තත්ත්වය අනුවයි.
මේ අනුව පව්කාරයන්ව ලෝදියවල ඔතා අපායට ගෙන යන අතර පින්වතුන් දෙවියන් විසින් රකිනු ඇත.
එදින මෙම ග්‍රහ තත්ත්වය ලංකාවට බලපාන අයුරු මෙසේ දැක්විය හැකිය. තුන්වැන්නේ කේතුගේ හා ගුරු ග්‍රහයා ද නවවැන්නේ සෙනසුරු ග්‍රහයා ද දහවැන්නේ බුධ, ශුක්‍ර හා රාහු යන ග්‍රහයන් ද 11 වැන්නේ රවි හා ප්ලූටෝ ද, 12 වැන්නේ අඟහරු ද සිටී.
මෙම ග්‍රහ තත්ත්වය අනුව ආධ්‍යාත්මික විප්ලවයක් මිස කිසිදා භෞතික විනාශයක් ලංකාවට හා අනෙක් රටවලට සිදු නොවේ.
ගුප්ත විද්‍යා පර්යේෂක : මාපලගම විමලරත්න
උපුටා ගනීම 2010/03/21 ඉරිදා සිළුමිණ

